හික්කඩුව නගර සභාව විසින් සංස්කරණය කර පල කරන ලද ‘අසිරිමත් හික්කඩුව’ ග්‍රන්ථය මේ වනවිට ජනගත කොට ඇත. මෙම ග්‍රන්ථයේ බල ප්‍රදේශයේ ඓතිහාසික, සංස්කෘතික හා සමාජාර්ථික තොරතුරු, හික්කඩුවේ ඓතිහාසික වටිනාකම්, දේශපාලන පරිණාමය හා විකාශනය, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආදී කරුණු බොහොමයක් ඇතුළත් කර ඇති අතර මෙහි සංස්කාරකවරුන් ලෙස රංජිත් මල්ලියාවඩු, සජීව නානායක්කාර, එම්.බී.පී. ජානකී, කේ. තිලකිරි, වත්සලා ලියනගේ සම්බන්ධ වී ඇත. ‘අසිරිමත් හික්කඩුව’ ග්‍රන්ථයේ ප්රකාශනයද හික්කඩුව නගර සභාව විසිනි.