ආසියානු පැරා ක්රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයින් දෙදෙනෙක් සමත් වී තිබෙනවා. ඒ අනුව නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් රන් පදක්ම දිනාගෙන ඇති අතර තප්පර 11.83කින් ඔහු තරගය අවසන් කිරීමට සමත් වී තිබෙනවා.
එසේම ප්රදීප් සෝමසිරි T46 මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර ඔහු මිනිත්තු 4:05.04කින් තරඟය අවසන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.