බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව සංවිධානය කරනු ලබන 50 වැනි අභිමානවත් රාජ්‍ය නාට්‍ය උළෙල මෙවරද අතිඋත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය ද්විත්වයෙන්ම තෝරාගනු ලබන නාට්‍ය ඇතුළත් වේ. එළඹෙන නොවැම්බර් මස 01 වෙනි දින සිට 08 වැනි දින දක්වා කෙටි නාට්‍ය ද, නොවැම්බර් මස 13 වැනි දින සිට 25 දක්වා දිගු නාට්‍ය ද මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පහත දිනයන්හිදී වේදිකාගත කිරීමට නියමිතය.
කෙටි නාට්‍ය වේදිකාගත කරන දිනයන් – නොවැම්බර් 01, 02, 03, 05, 06, 07, 08
දිගු නාට්‍ය වේදිකාගත කරන දිනයන් – නොවැම්බර් 13, 14, 15, 16, 17, 21, 22, 23, 24, 25