සෙවනගල, 13 කනුව, කිරිවැව ප්‍රදේශයේ අභිනයෙන් ගොඩනැගෙමින් පවතින ශ්‍රී මෙත්තමුණි විහාරස්ථානයේ ආවාසගෙය ගොඩනගාගැනීම උදෙසා රු ලක්ෂ තිහක මුදලක් එම විහාරස්ථානයේ නායක හිමි වන පූජ්‍ය වලස්මුල්ලේ සුමන බෝධි හිමි ආධාර පතයි. දැනට උන්වහන්සේ විසින් ආවාස ගෙය ගොඩනගාගෙන යන නමුත් වැඩිදුරටත් කිසිදු ආධාරයක් නොමැතිව එය සිදුකළ නොහැක්කක් බව ඒ හිමියෝ පැවසූහ. විහාරස්ථානයේ දැනට වැඳපුදාගැනීමට ඇති එකම ස්ථානය වන ධාතු මන්දිරයද සකසා ඇත්තේ මේ හිමියන් විසිනි. සියල්ලටම පෙර භික්ෂූන්ට වැඩ සිටීමට ආවාස ගෙයක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් තිබෙන බවත් වැඩ කටයුතු නිම නොවූ එහි ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට උන්වහන්සේ සැදැහැවත් පිංවතුන්ගෙන් ආධාර පතයි.
දු.ක – 0742329961, 0760608828
ගිණුම් අංකය – 8005412026
Commercial bank, Walasmulle Sumana Bodhi Himi


