පසුගියදා ඊශ්රායලයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ අනුලා ජයතිලක යන කාන්තාව හමාස් ත්රස්ත ප්රහාරයකට ගොදුරුව මියගිය බවට පුවත් පලවුවද ඇය තවමත් ජීවතුන් අතර සිටින බවට හෙලිවන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඇය තවමත් හමාස් ත්රස්තයින්ගේ ග්රහණයේ සිරකාරියක් ලෙස සිටින බවටයි ඇය සේවය කළ නිවසේ සාමාජිකයන් සඳහන් කරන්නේ.
අනුල ජයතිලක කැලණිය ප්රදේශයේ පදිංචිකාරිණියක් වන අතර මේ පිළිබඳව කළ විමසීමකදී ඇයගේ පවුලේ සාමාජිකයින්ද කියා සිටියෙ ඇය තවමත් ජීවතුන් අතර සිටින බවට ඔවුන් මුල සිටම විශ්වාස කළ බවයි. කෙසේ වෙතත් මෙම වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහැරුණද එහි සිටින්නෙ සැබෑවටම අනුලා ජයතිලකද යන්න තවමත් හරිහැටි හෙලි වී නොමැත.