ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන 42 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා මෙවර සිංහල කෙටි නාට්‍ය 17 ක්, දිගු නාට්‍ය 06 ක් හා දමිළ කෙටි නාට්‍ය 03 ක් තේරී පත් වී ඇත. ඔක්තෝම්බර් 16 සිට 31 දක්වා සෑම දිනකම ප.ව 6.00 ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී මෙම නාට්‍ය වේදිකා ගතවේ.
ඔක්තෝම්බර් 16 දා චතුර ජයවර්ධනගේ Listen to me, ගයාන් සඳකැලුම්ගේ
“කළුවර රැඟුමක්”, පූර්ණජිත් අනුරාධගේ “තුං තුඹ මල්”, හසින්ත මධුමල්ගේ
“ඒක ඉස්සර කතාවක්” යන කෙටි නාට්‍යද, 17 දා ඩිල්ෂාන් තිලංකගේ “ටික් ටික්”, බාස්කර් ක්‍රිෂාන්තගේ “පංචාලි”, තිළිණි ජයමාලිගේ “විජය භූමි”, සුමුදු මධුෂාන්ගේ “සුහුරු කිස” යන කෙටි නාට්‍ය ද, 18 දා නදුනි ධනංජිගේ “රතුපාට මල්”, සුරේෂ් මධුෂාන්ගේ “ඵර ගජනායක”, එස් ක්ලින්ටන්ගේ “මනිදි” (දමිළ), දමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ “ගමනක් යං” යන කෙටි නාට්‍ය ද, 19 දා දේදුනු සංගීතාගේ “බයිලා ගහන දවසක්”, චතුරංග පෙරේරාගේ “Let’s Marry ”, කේ චන්ද්‍රමේගන්ගේ “සූනියම්” (දමිළ), කසුන් මධුෂංකගේ “මං ටොමී හිල්ෆිගර්” 20 දා පැතුම් සඳනුවන්ගේ “පැනලා යං”, පංචාලි විහංගාගේ “Witches”, සචිනි සමෝධි කවිශල්‍යාගේ “ඔරු ඌරුල” (දමිළ), ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ “කොම්රේඩ්” යන කෙටි නාට්‍ය ද, 23 දා ජිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාරගේ “හීන අරං පාරේ හිටං” දිගු නාට්‍ය ද, 24 දා දුලාන් මදුරංග වීරසිංහගේ “රැඩිකල් ප්‍රේමය” දිගු නාට්‍ය ද, 25 දා “මං ඇතුලේ ඝාතකයෙක්” දිගු නාට්‍ය ද, 26 දා දිලාන් නවිදු ගුණහේරත්ගේ “ඩෙසිඩෙරාටා ආශාවේ වස්තුව” දිගු නාට්‍ය ද, 30 දා මොහොමඩ් රාෆිගේ “කවි කාරයා” දිගු නාට්‍ය ද, 31 දා සුරේෂ් මධුෂාන්ගේ “සක්වල රිය” දිගු නාට්‍ය ද වේදිකා ගත වේ.