චීනයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උලෙළේ කාන්තා ක්රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය පරාජයට පත්කරමින්.
අවසන් මහා තරගයේදී ශ්රී ලංකාව, ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතයි. අවසන් මහා තරගය ජයගතහොත් ශ්රී ලංකාවට කාන්තා ක්රිකට් ඉසව්වේ රන් පදක්කම හිමිවන අතර එම තරගය පරාජයට පත්වුවත් රිදී පදක්කම හිමිවනවා.
ඒ අනුව 2014 වසරට පසු ශ්රී ලංකාවට ආසියානු ක්රීඩා උලෙළකදී අනිවාර්ය පදක්කමක් හිමිවීමට නියමිතයි. ශ්රී ලංකාව අවසන් වරට ආසියානු ක්රීඩා උලෙළකදී පදක්කමක් හිමිකර ගත්තේ 2014 වසරේ පිරිමි ක්රිකට් ඉසව්වෙන් වන අතර එහිදී ලහිරු තිරිමාන්න ප්රමුඛ ශ්රී ලංකා කණ්ඩායම රන් පදක්කම හිමිකර ගත්තා.