2022 – 23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව සැප්තැම්බර් මස 17 වන දින සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේය. අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.