එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග තුනකින් යුතු පන්දුවාර විස්සයි 20 තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගනිමින් එංගලන්තයට එරෙහිව ඕනෑම තරඟ රටාවකින් තමන් ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලියේ ජය වාර්තා කිරීමට සංචාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ දෙරට අතර පැවති අවසන් 20-20 තරගයෙන් ශ්රී ලංකාව කඩුළු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගයි. කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු 8 -19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලද ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි.
පන්දු යැවීමේදී චමරි අතපත්තු ලකුණු 21කට කඩුළු 3ක් දවාගත්තා. උදේශිකා ප්රබෝධනී හා කවීෂා දීල්හාරි ලකුණු 16 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් පිරි බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුළු 3ක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකළා. චමරි පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළ අතර හර්ෂිකා සමරවික්රම නොදැවී ලකුණු 26 ක් ලබාගත්තා.