විශිෂ්ඨතම සාහිත්‍යවේදිනියක සහ ප්‍රවීණ ලේඛිකාවක මෙන්ම ජ්‍යෙෂ්ඨ කාන්තා පුවත්පත් කතුවරියක වූ අභාවප්‍රාප්ත අනුල ද සිල්වා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) සවස බොරැල්ල කනත්තේදී සිදුකරීමට නියමිතය. ඇය මියයන විට 82 වැනි වියේ පසුවිය.
ඇය වසර ගණනාවක් පුරා විවිධ පුවත්පත්වල ලේඛිකාවක් ලෙස කටයුතු කළා සේම නව පුවත්පත් ආරම්භ කිරීමටද පෙළඹුණාය. නවකතා, පරිවර්තන සහ ළමා කතා පොත් ඇතුළු ග්රන්ථ 125කට වඩා ඇගෙන් සාහිත්‍යයට මුසුවී තිබේ.
– නිමල් දයාරත්න