ශ්‍රී ලංකාවේ ජාතික දැල්පන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකා මෙන්ම ලොව උසම හා ජේෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාව වන තර්ජනී සිවලිංගම් ජාතික කණ්ඩායමේ මෙහෙවරට නිල වශයෙන් සමු දෙන බව නිවේදනය කර ඇත. සිය නිල ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ ජාතික කණ්ඩායමෙන් ඉවත් වුවද තමන් විදෙස්ගතව සිට ක්‍රීඩාව දිගටම කරගෙන යන බවයි.
“මම මේ තීරණය ගත්තේ දැඩි හදවතකින්. කෙසේ වෙතත් මම මේ තීරණය ගත්තේ සුදුසුම කාලයේ බව මට හැඟෙනවා. මෙම විශ්‍රාම ගැනීම නිල වශයෙන් දැනුම් දීමත් සමගම මගේ ආදරණීය ශ්‍රී ලංකා සගයන් සමග බෙදාගත් ප්‍රීතිය කිසිදා අමතක නොකරමු.” යනුවෙන් ඇය එහි සටහනක් තබා තිබුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර දැල්පන්දු තරග ගණනකට සහභාගි වී වාර්තාවක් තබා සිටි ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු විදින්නිය ලෙස කටයුතු කළාය.