මොනරාගල නගරයේ ප්‍රධාන පාසලක උසස්පෙළ හදාරන පාසල් ශිෂ්‍යාවක් ඉකුත් 07 වැනිදා සිය නිවසේදී ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගලබැද්ද කොලොන්න ගංගොඩගම පදිංචි පාසල් ශිෂ්‍යාවකි. ඇය තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට මව විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත්ව මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 8 වැනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක පී. එස්. චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.
රවිඳු ගුණතිලක