නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: 15 හැවිරිදි දැරිය කෙලෙසූ පියා වසර විස්සක් මහ උළු ගෙදරට
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
News & Events

15 හැවිරිදි දැරිය කෙලෙසූ පියා වසර විස්සක් මහ උළු ගෙදරට

Published August 10, 2023

දහ වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිය දියණියට බරපතළ ලිංගික අපචාර කළ බවට වරදකරු වූ පියෙකුට බරපතළ වැඩ සහිත වසර 10 බැගින් වසර 20ක සිර දඬුවමක් ද ඊට අමතරව රුපියල් 40,000 ක දඩ මුදලක් සහ අතවරයට ලක්වූ දියණියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (8 දා) නියම කළේය.

මෙසේ දඬුවම් ලැබුවේ පිටිගල පොලිස් වසමට අයත් පොරවගම අයෙකි. 2013 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළදී කීප වතාවක්ම මෙම දැරිය අතවරයට ලක් වී තිබෙනුයේ මව විදේශගත වී සිටියදී පියාගේ රැකවරණය යටතේ සිටියදීය. අතවරයට ලක් වන දින උදේ මෙම දැරිය පෙර දින රාත්‍රියේ පිසින ලද පිළුණු වූ පරිප්පු ආහාරයට ගෙන ඇති අතර මේ නිසා සවස වමනය කර ඇත. බීමත්ව සිටි පියාට මේ බව පවසද්දි එය පිළිනොගෙන කිසියම් අයෙකුගෙන් අතවරයක් වෙන්නට ඇතැයි කියා පරික්ෂා කර ගැනීමට යැයි කියමින් බරපතළ ලිංගික අතවර කර තිබේ.

කිහිප වතාවක්ම මෙසේ අතවරයට ලක් වෙද්දී අසල්වැසි ඥාතියෙකුට පැවසීමෙන් පසු පිටිගල පොලිසියට පැමිණිලි කර තිබේ. පිටිගල පොලිසියේ කාන්තා පොලිස් සැරයන් ප්‍රියංගනී (5780) මහත්මිය මේ ගැන විමර්ශනය කර අධිකරණය හමුවේ චෝදනා ගොනු කොට තිබිණි.

ඒ අනුව වැරදිකරු වූ පියාට එක් චෝදනාවකට වසර 10 බැගින් වසර 20ක සිර දඬුවම් නියම කෙරිණි. ඊට අමතරව රුපියල් විසි දහස බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් මාස 6 බැගින් ලිහිල් සිර දඬුවම් දෙකක් ද නියම කළේය. එයට අමතරව අතවරයට ලක්වූ අයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ සෞම්‍යා විජේසිංහ මෙනවිය පෙනී සිටියාය.

අනුර යසමිත්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

September 25, 2023

වසර 9කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක්…

September 25, 2023

ක්‍රිකට් පරාජයෙන් ඇති වූ දුක සතුටක් බවට පත් කළ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්යන්

September 22, 2023

සිරස TV The Voice Kids සැප්තැම්බර් 23 දා ඇරඹේ….

September 21, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?