නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: 41 තමයි හොඳම
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
News & Events

41 තමයි හොඳම

Published August 4, 2023

එදා මෙන්ම අදත් බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරාගැනීම වූ නවලිය අපේ රටේ කාන්තා පුවත්පත් අතර ආකර්ෂණීයම පුවත්පත වනු නොඅනුමානය. වසර 40 ක් පුරා කාන්තාවන්ට පමණක් නොව පවුලේ සැමට එක ලෙස සෙනෙහස බෙදමින් නවලිය 41 වැනි වියට පා තබන අද දවසේ ලංකාවේ පිටු වැඩිම ආකර්ෂණීයම කවරයකින් සමන්විතව හරවත් ලිපි මාලාවකින් යුතුව දැනුම බෙදන කාන්තා පුවත්පත ලෙස නව්‍යකරණයට ලක් වෙමින් ඔන්ලයින් මඟින්ද ඔබට කියවීමට ඉඩ හසර ලබා දෙන්නේ සතුටිනි. ගෙවුණු 40 ට වඩා 41 තමයි හොඳම යන තේමාව යටතේ සෑම අතින්ම හරවත් කාන්තා පුවත්පතක් පාඨක ඔබට ලබා දීමට අපි හැමවිටම ඇපකැප වී වන්නෙමු.

ඒ සඳහා නවලිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් ඔබ වෙත ගෙන එමින් සහ සෑම අතින්ම අලුත් වූ නවලියක් ඔබ වෙත ගෙන එන්නට අප අදහස් කළා. එළඹෙන 41 වැනි වසර සාර්ථකම යුගයක් කොට ගනිමින් ඉදිරියේදිත් නවලිය පරිශීලනය කරමින් ඒ හා රැfඳන්නට අප ඔබට ආරාධනා කරමු.

එම අවස්ථාව සනිටුහන් කරමින් පැවති චාම් උත්සව අවස්ථාව සඳහා උපාලි සමූහ ව්‍යාපාරයේ සන්නාම අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, අධ්‍යක්ෂ මූල්‍ය ලක්ෂ්මන් පෙරේරා, තොරතුරු තාක්ෂණ කළමනාකාර කෝසල හිටිහාමු, පිරිස් කළමනාකාරිණී මැටිල්ඩා ගුණසේකර, බෙදාහැරීමේ කළමනාකාර සිසිර ගලදෙණිය, සහකාර බෙදාහැරීම් කළමනාකරු ජයරුක් පෙරේරා යන මහත්ම මහත්මින් සමඟ නවලිය කර්තෘතුමිය හරින්දී ලියනගේ අතුළු නවලිය කාර්ය මණ්ඩලය සහභාගී විය.

නවලිය 41 වැනි සංවත්සරය වෙනුවෙන් කේක් නිර්මාණය කරනු ලැබුවේ සූපවේදිනී තාරුකා වන්නිආරච්චි විසිනි.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

42 වන ජාතික යෞවන නාට්‍ය උළෙල ඔක්තෝම්බර් 16 දා සිට මරදාන එල්ෆින්ස්ටන්හිදී….

September 27, 2023

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කම

September 26, 2023

කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

September 25, 2023

වසර 9කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උලෙළකදී පදක්කමක්…

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?