මීට මාස කිහිපයකට කළියෙන් බය නැති, හැඩ ඇති අපේ නාවික කාන්තාවන් කුඩා යාත්‍රා පදවමින් මුහුදේ දස්කම් පාන බව අභිමානයෙන් නවලිය වාර්තා කළා. ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසය වෙනස් කළ බවත් අපි ඔබට පැවැසුවා. ඔවුන් ඉන් නොනැවතී තවත් පියවරක් මේ වන විටත් ඉදිරියට ගිහින්.
අද වනවිට ඔවුන් ඈත මුහුදේ නැව් රාජකාරිය ආරම්භ කරමින් පළමු සංචාරය නිමා කර ගොඩබිමට පැමිණිලා. මේ අතරේ ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නැව් පරිශ්‍රයේදී නවලිය කැමරා කාචයට මෙලෙස මුහුණ දුන්නා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැව් රාජකාරි කරන නාවික කාන්තාවන්,
• ලුතිනන් කොමාණ්ඩර් අනුරාධා පෙරේරා
• ලුතිනන් හංසනී එදිරිසිංහ
• නාවික සංඥා රුවනි සුගන්ධිකා
• බල කාන්තා නාවික යශෝධා කුමාරි
• බල කාන්තා නාවික නිශාදි වරුසප්පෙරුම
• කාන්තා වෛද්‍ය සහයක ලක්ෂිකා පෙරේරා
• කාන්තා ලිපිකරු මල්ෂි ගංගොඩ
Creative idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Photographer – Dayan Pradeep
Location – Srilanka Navy Gajabahu Ship
විශේෂ ස්තූතිය – නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතාට සහ මාධ්‍ය අංශයේ සියලුම නාවික නිලධාරීන්ට.