ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Miss World Tourism 2023 සඳහා ශ්‍රී ලංකා රූ රැජණ තෝරාගැනීම පසුගියදා හෝකන්දර දී පැවැත්වුණි. අයදුම්පත් එවූ තරගකාරියන් අතරින් අවසන් වටයට තෝරා ගැනීම සඳහා තරගකාරියන් දස දෙනකු ඉදිරිපත් වී සිටි අතර එහිදී ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ දී ඔවුන්ගේ අනන්‍යතාවයන් සහ කුසලතාවන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවිය.
මෙහිදී තෝරා ගත් කුමරිය Miss World Tourism Sri Lanka කිරුළට හිමිකම් කියන අතර ඇය ජූලි මස 20 සිට 29 වැනි දින දක්වා මෙරට පැවැත්වෙන Miss World Tourism 2023 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරයි. මේ සඳහා වෙනත් රටවලින් තරගකාරියන් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් මේ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට සංචාරක මණ්ඩලය සමග එකතුවී කරන තරඟයකි.
Miss World Tourism 2023 හිමිකාරීත්වය රධිකා ගුණවර්ධනගේ වන අතර තරඟය කළමනාකරු ලෙස එරන්ජ වීරසිංහ කටයුතු කරයි. Miss World Tourism 2023 හී ප්‍රවර්ධන අධ්යක්ෂ ලෙස උපේන්ද්රිකා ගුණවර්ධනත් ජාතික අධ්යක්ෂ ලෙස නිලූ සේනානායකත් නිර්මාණ අධ්‍යක්ෂක ලෙස අර්ජුන සේනානායකත් කටයුතු කරයි. මෙම තරගය නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහකත්වය නවලිය, දිවයින, The Island ලබා දී ඇත.