මෙවර වෙසක් තෙමඟුල් මහෝත්සවය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මග පෙන්වීම මත සිංගප්පූරුවේ වැඩ වෙසෙන පූජ්‍ය ගුණරත්න නාහිමියන් සහ සිංගප්පුරුවේ මහ කරුණා පදනම් සංවිධානයේ පූර්ණ අනුග්‍රහයෙන් ගර්භනීය මව්වරුන් සියයක් වෙත අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කෙරුණා.
අරලියගහ මන්දිරයේ පැවැති මෙම වැඩසටහන තවත් විශේෂත්වයක් ගන්නේ බෞද්ධ අබෞද්ධ මව්වරුන් එක්ව සිටීමයි. මෙම අවස්ථාවට ශ්‍රී නාග විහාර තරුණ බෞද්ධ සංවිධානයේ අනුශාසක පා.ම යදාමිණී ගුණවර්ධන, සිංගප්පූරුවේ මහ කරුණා පදනමේ ගිහි දායක දායිකාවන්, නාග විහාර තරුණ බෞද්ධ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන්, පූජ්‍ය නාරංඕවිට සද්ධානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එම මව්වරුන්ගේ පවුල්වල උදවිය ද සහභාගී වී සිටියා.