දහම් සෙවණේ සිඟිත්තෝ ජාතික ළමා සංවර්ධන පදනම ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා ඔප් නංවා වැඩි දියුණු කිරීම සඳහා පිහිටුවා තිබෙන රාජ්‍ය නොවන සංවිධානයකි. මෙම පදනම මඟින් 1 – 11 ශ්‍රේණි සිසුනට නොමිලේ අධ්‍යාපන පහසුකම් ලබාදීම සඳහා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය නමින් ප්‍රජා අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යනු ලැබේ.
- පහත කාණ්ඩ තුන යටතේ චිත්‍ර ඉදිරිපත් කළ හැකිය.
A කාණ්ඩය 1-5 ශ්‍රේණි
B කාණ්ඩය 6-9 ශ්‍රේණි
C කාණ්ඩය 10 -13 ශ්‍රේණි
- තේමාව බුද්ධ චරිතයේ ඕනෑම අවස්ථාවක් හෝ බෞද්ධාගමික සංකල්ප ඉස්මතු වන ඕනෑම අවස්ථාවක්.
- ප්‍රමාණය – A3 ප්‍රමාණයේ සුදු Drawing කඩදාසියක්
- මාධ්‍ය – පැස්ටල්, දියසායම්, පෝස්ටර් සායම් හෝ ඕනෑම වර්ණ මාධ්‍යයක්
- ඔබේ චිත්‍ර නිර්මාණයේ පසු පිටෙහි ඔබේ නම, පෞද්ගලික ලිපිනය, පාසලේ නම හා ලිපිනය, ඉගෙනුම ලබන ශ්‍රේණිය නිවැරදිව ලියා එය ඔබේ නිර්මාණය බවට විදුහල්පති ලවා සහතික කරවා 2024 අප්‍රේල් මස 05 දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.
විදුහල්පති,
ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය, අංක 23/C, නිරළු පෙදෙස, කිරිගම්පමුණුව, පොල්ගස්ඕවිට.
- පළමුව වටය සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ අතරින් තෝරාගනු ලබන හොඳම මට්ටමේ නිර්මාණ ඉදිරිපත් කරන්නන් දහම් සෙවණේ සිඟිත්තෝ පදනමෙහි සාමාජිකත්වය ලබාගත යුතුය. එම සාමාජිකයන් අප ආයතනයේදී පවත්වනු ලබන චිත්‍ර නිර්මාණ තරගයේ දෙවන වටය සඳහා පැමිණ තම චිත්‍රය නිර්මාණය. කළ යුතුය. මෙම පදනමෙහි සමාජිකත්වය ලබාගන්නා සිසුනට දහම් සෙවණේ සිඟිත්තෝ ජාතික රූපවාහිනී වැඩසටහනට සහභාගී වී තම දස්කම් රූපවාහිනී මාධ්‍යයෙන් එළිදැක්වීමේ අවස්ථාවද හිමි වේ.
දෙවන වටයේ නිර්මාණ චිත්‍ර විෂය පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකට ඉදිරිපත් කර ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා යෝග්‍ය චිත්‍ර තෝරා ගනු ලැබේ.