බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි එම්. ඩී. එච්. ජයවර්ධන මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා සුහුරු පන්ති කාමර දෙකක් නිර්මාණය කර දී තිබෙනවා.
මෙම සුහුරු පන්ති කාමර දෙක සියලු පහසුකම් වලින් සමන්විත වන අතර මේ ව්‍යාපෘතිය සඳහා මිලියන 3.5ක් වැය වී තිබෙනවා. 5S ක්‍රමයට සැකසු මෙම අංග සම්පූර්ණ නවීන පන්නයේ පන්ති කාමර දෙකේ කලු ලෑලි වෙනුවට නවීන පන්නයේ Smart screen දෙකක්, කණ්ඩායම් ක්‍රියාකරකම් සඳහා එක් කණ්ඩායමකට එක බැගින් ටැබ් පරිගනක 12ක පහසුකම් සපයා තිබෙනවා.