ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවා වනිතා ශාඛාව සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Waggoners Musical Extravaganza 2024 අප්‍රේල් 5 වැනි සිකුරාදා රාත්‍රී 8 ට පැවැත්වේ. මෙම සංගීත ප්‍රසංගය සදහා සනුක, වින්ඩි, ෆැලන්, ජය ශ්‍රී සහ සෙන්ට්‍රිගේට් සහභාගී වේ. සංගීත ප්‍රසංගය මෙහෙයවීම මනුරංග විජේසේකර ගෙනි. මෙහි නර්තනයෙන් One Step Dance දායක වන අතර සංගීතය දිවයිනේ තරුණ වාද්‍ය වෘන්දයක් වන Infinity මගින් මෙහෙයවයි. මෙම ප්‍රසංගය නෙළුම් කුළුණ පරිශ්‍රයේ එළිමහන් ප්‍රසංගයක් ලෙස සංවිධානය වන අතර මෙහි ලැබෙන ආදායම යුද්ධ හමුදා සේවා බලකායේ සේවා වනිතා ශාඛාව මගින් කිරීමට බලාපොරොත්තු වන සමාජ සත්කාරක ව්‍යාපෘති සදහා යොදවනු ලැබේ.
Reading:
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවා වනිතා ශාඛාව ඉදිරිපත් කරන Waggoners Musical අප්‍රේල් 5 වැනිදා…