ජාත්‍යන්තර සම්මානලාභි චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය” හෙවත් Peacock Lament සිනමාපටය ලොව ප්‍රකට HBO නාලිකාව සිය HBO max ඔස්සේ එළඹෙන මාර්තු පළමුවැනිදා සිට පෝලන්තය, රුමේනියාව, හංගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් ඉලක්ක කොට ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඇමරිකාවේ වෝනර් බ්‍රදර්ස් ව්‍යාපාර සමූහයට අයත් HBO ආයතනය සිය මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශනයට තෝරාගත් ප්‍රථම ශ්‍රී ලාංකීක චිත්‍රපටය මෙයයි.
විහඟ ප්‍රේමය මෙරට සිදුවන බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කිරීම් ජාවාරම පදනම් කොට නිර්මාණය කර තිබේ. සංජීව පුෂ්පකුමාර සහ අමිල අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස මෙහි කටයුතු කරන අතර ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්රෙයා මැග්නානි සහ කියාරා බාබෝ ඉතාලි නිෂ්පාදකයින් ලෙස කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම කටයුතු කරයි.
ජනප්‍රිය රංගන ශිල්පිණි සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ සහ ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරෙන්ස්සෝ අක්කුවිවා ඇතුළු පිරිසක් මෙම සිනමාපටය සඳහා රංගනයෙන් එක් වෙයි. මෙම චිත්‍රපටයේ කැමරාකරණය සිසිකිරණ පරණවිතාන විසින්ද සංස්කරණය ගුසෙපේ ලියෝනති සහ අජිත් රාමණයක විසින්ද සිදුකර තිබේ. සංගීතය ක්‍රිස්ටියන් කාර්රාරා, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්ද අජන්ත අලහකෝන් ඇඳුම් නිර්තමාණයෙන්ද දායක වී තිබේ. මෙය එළඹෙන වසරේ මැද භාගයේදී සැවෝයි සිනමා සමාගම විසින් මෙරට සිනමාශාලාවල බෙදාහැරීමට නියමිතය.