කොණ්ඩය කියන්නෙ ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝටම තමන්ගේ පෙනුම අකාර්ශනීයව පවත්වාගන්න උදව් වෙන ආභරණයක් වගේ. ඉතින් ඒ නිසා හැමෝම තමන්ගෙ කොණ්ඩය පුළුවන් තරම් ලස්සනට තියාගන්න විවිධ දේවල් කරනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම කරන දෙයක් තමයි ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතය. නමුත් කන්ඩිෂනර් භාවිතයේදි වුණත් අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. තවමත් ඔබ නිවැරදි ආකාරයෙන් කෙස් කළඹට කන්ඩිෂනර් සහ ෂැම්පු භාවිත නොකරනවා වෙන්න පුළුවන්.
කන්ඩිෂනර් යොදන්නෙ කොණ්ඩය ගැටගැසෙන නිසා...
කොණ්ඩයකට අපි කන්ඩිෂනර් භාවිත කරන්නෙ කොණ්ඩය ගැට ගැසෙන ස්වභාවය වළක්වාගන්න. විශේෂයෙන්ම කැරලි කොණ්ඩ තියෙන කාන්තාවන් කණ්ඩිෂනර් භාවිත කරනවා. තමන්ගේ කෙස්වල ස්වභාවයට ගැළපෙන ෂැම්පු සහ කන්ඩිෂනර් වර්ග තිබෙන නිසා ගැළපෙනම ෂැම්පු වර්ගය තෝරාගැනීම වැදගත්.
වැඩි ප්‍රමාණයෙන් ගල්වීම සුදුසු නෑ…
කන්ඩිෂනර් දාන්නෙ කොණ්ඩය ෂැම්පු කළාට පස්සෙ. ඒ වගේම ඉතා සුළු ප්‍රමාණ වශයෙන් තමයි හිසට මේ දෙකම යෙදිය යුත්තේ. පෙණ ටිකක් ගන්න පුළුවන් ප්‍රමාණයෙන් ගත්තනම් ඇති. ඕනෑවට වඩා ෂැම්පු යෙදුවොත් හිස් කබල වියලෙන්න පුළුවන්. ෂැම්පු කළාට පස්සෙ අපි කන්ඩිෂනර් එක කොණ්ඩෙට දානවා. එයත් බොහොම සුළු ප්‍රමාණයක්. මොකද මේ හැමදෙයක්ම රසායනික ද්‍රව්‍යයන්. තුනී කොණ්ඩයට කන්ඩිෂනර් යෙදුවොත් වෙන්නේ ඒ තුනී ගතිය වැඩි වෙන එක. දිනපතා ෂැම්පු භාවිතයත් අහිතකරයි.
හැමදාම නාන්නත් හොඳ නෑ…
සාමාන්‍යයෙන් නාන්න ඕනෙ දවස් දෙකකට සැරයක් වගේ. මොකද මිනිස් හිස්කබලෙ තියෙනවා තෙතමනය (Moisture) රඳාපවතින තරලයක්. දිනපතා හිසට සබන් හෝ ෂැම්පු යෙදුවොත් හිස්කබලේ ඇති තෙතමනය නැතිවෙනවා. ෂැම්පු කියන්නෙ පිරිසිදුකාරකයක්. ඒ නිසා දිනපතා භාවිතය අවශ්‍ය නෑ.

කන්ඩිෂනර් හොඳින් සෝදා ඉවත් කරන්න…
කන්ඩිෂනර් කියන්නෙ ඉතා ගණකම් ද්‍රවයක්. එය හිස කෙස්වල ගැල්වීමෙන් පසු ඉවත් කිරීමට ජලය වැඩිවශයෙන් අවශ්‍ය වෙනවා. මේවා හිස්කබලෙ තැන්පත් වුණොත් පසුකාලීනව හිස්හොරි ලෙසට එන්න පුළුවන් නිසා හොඳින් සෝදා ඉවත් කිරීම අත්‍යාවශ්‍යයි.
ෂැම්පු, කන්ඩිෂනර් වගේම කොණ්ඩයට තෙල් අත්‍යාවශ්‍යයි…
මේ දෙක භාවිත කරනවා වගේම සතියකට සැරයක් අනිවාර්යයෙන්ම කොණ්ඩයට තෙල් සාත්තුවත් අවශ්‍යයි. මොකද තෙල්වලින් තමයි කොණ්ඩෙට සාත්තුවක් ලැබෙන්නෙ. අතීතයේ කොණ්ඩය පිරිසිදු කරන්න භාවිත කළ ගොඩපර, බිත්තර වගේ දේවල් අතහැරලා දැන් රසායනික ද්‍රව්‍ය භාවිතයට බොහෝදෙනා පුරුදු වී අවසන්. ඉතින් ඒ නිසා කොණ්ඩයට කුමනාකාරයේ විලාසිතා කළත් එයට නිසියාකාරයෙන් පෝෂණය ලබාදීම ඉතා වැදගත්. හිසේ පවතින තෙතමනය රඳාපවත්වාගන්න තමයි අපි තෙල් සත්කාරය කළ යුතු.
කොණ්ඩයට සබන් යෙදුවොත්…
ෂැම්පු වර්ග එන්න කලින් අපි භාවිත කළේ ස්වභාවික දේවල් නැත්නම් සබන්. දැන් මතයක් ගොඩනැගිලා තියෙනවා සබන් නිසා කොණ්ඩය වියලි ස්වභාවයක් ගන්නව කියල. ඒ වගේම දිගින් දිගටම ෂැම්පු භාවිත කළ කෙනෙක්ට සබන් භාවිතය අමාරුයි. කොණ්ඩයට සබන් ගෑවට හානියක් වෙන්නෙ නෑ. ඇතැම් අයට දිගටම භාවිත කළ ෂැම්පු වර්ගය මාරු කළත් කොණ්ඩය ගැලවී යාම වගේ විවිධ ගැටලු මතුවෙනවා.
හිසට පෝෂණය අවශ්‍යනම් මේ දේවල් කරන්න…
දිනපතා හොඳින් ජලය පානයෙන් කොණ්ඩයට හිතාගන්න බැරිතරම් පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම ආහාර වේලට හොඳ කොල මැල්ලුමක් එකතු කරගන්න. මේ දේවල්වලින් කොණ්ඩයට ලැබෙන සාත්තුව ඉතා ඉහළයි. ඒ වගේම දෙහි, උළුහාල්, වෙරළු කොළ තම්බලා සතියකට පාරක්වත් හිසේ ගැල්වුවොත් හිස්හොරි වගේ රෝග හටගැනීම වළකාලනව.
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin care with Malyinga)
එරංදි කෞශල්‍යා ✍️