නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

Published April 21, 2025

අර්තාපල් කිව්වම අපිට මතක් වෙන්නෙ ඒවා යොදාගෙන හදන රසවත් කෑම වර්ග. නමුත් අපි අද කතා කරන්න යන්නෙ අර්තාපල්වලින් හදන කෑම ගැන නෙවේ. විටමින් C, විටමින් B1, B3, B6 කියන විටමින් වර්ග සහ මැග්නීසියම්, පොටෑසියම් වැනි පෝෂණයන්ගෙන් පරිපුන් අර්තාපල්වල ප්‍රතිඔක්සිකාරක ගුණය යහමන් පවතිනවා. ඔබට ඔබගේ රූපලාවණ්‍ය සත්කාරවලට අර්තාපල් පහසුවෙන්ම යොදාගන්න පුළුවන්. අර්තාපල් යුෂවල තියෙන ආම්ලික ගතියට සම දීප්තිමත් කිරීමේ හැකියාවක් පවතිනවා.

අර්තාපල් සහ මී පැණි ෆේස් මාස්ක්

මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නෙ අර්තාපල් යුෂ මේස හැඳි තුනක් සහ මී පැණි මේස හැඳි දෙකක් පමණයි. පිරිසිදු භාජනයක් ගෙන අර්තාපල් යුෂ සහ මී පැණි යුෂ මිශ්‍ර කරන්න. පිරිසිදු කර තෙත මාත්තු කරගත් මුහුණේ සහ බෙල්ලේ එය ආලේප කරන්න. මිනිත්තු 15 කට පමණ පසු සෝදා ඉවත් කරන්න. මේ සත්කාරය දිනපතා සිදුකිරීමෙන් ඔබට ඉහළ ප්‍රතිඵල ලබාගත හැකියි.

අර්තාපල් සහ ලෙමන් යුෂ මාස්ක්

ලෙමන් සහ අර්තාපල්වලට පුළුවන් සමේ තියෙන අතිරික්ත තෙල් ඉවත් කරන්න. ඔබට මේ සඳහා අවශ්‍ය වෙන්නෙ අර්තාපල් යුෂ මේ හැඳි දෙකක්, ලෙමනු යුෂ තේ හැඳි දෙකක් සහ මී පැණි තේ හැන්දක්. මුලින්ම අර්තාපල් සහ ලෙමන් යුෂ මිශ්‍ර කරන්න. සියල්ල හොඳින් කලවම් කර පිරිසිදු කරගත් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. මිනිත්තු 15 කට පසු සෝදා හරින්න. දවසක් හැර දවසක් මෙම සත්කාරය කිරීම ප්‍රමාණවත්.

කුරුලෑ සඳහා අර්තාපල් සහ තක්කාලි මාස්ක්

අර්තාපල් සහ තක්කාලිවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම අඩංගු වෙනවා. මේ ප්‍රතිඔක්සිකාරක ගුණයට හැකියි විෂබීජ සහ බැක්ටීරියා සමෙන් ඉවත් කරන්න.

මේ සඳහා ඔබට අවශ්‍ය අර්තාපල් යුෂ මේස හැන්දක්, මී පැණි මේස හැන්දක්, තක්කාලි යුෂ මේස හැන්දක් පමණයි. අර්තාපල් සහ තක්කාලි යුෂ භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මී පැණි එකතු කර යළිත් මිශ්‍ර කරන්න. කුරුලෑ සහිත ප්‍රදේශවල හොඳින් ආලේප කර විනාඩි 15, 20 කට පසු සෝදා ඉවත් කරන්න. කුරුලෑ සුව වනතෙක් මෙම සත්කාරය දිනපතා කළ හැකියි.

සමේ අඳුරු බව දුරු කරන අර්තාපල් සහ සහල් පිටි ෆේස් මාස්ක්

සහල් පිටිවල සමේ මියගිය සෛල ඉවත් කිරීමට හැකි ගුණයක් පවතිනවා. මේ සඳහා අවශ්‍ය වෙන්නෙ අර්තාපල් යුෂ මේස හැන්දක්, සහල් පිටි තේ හැන්දක්, අවශ්‍යනම් පමණක් ලෙමන් යුෂ තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක්. මෙම ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. මුහුණේ සහ බෙල්ලේ ආලේප කර වියලෙන්නට හරින්න. විනාඩි 15 කට පසුව වක්‍රාකාරව අතුල්ලමින් සෝදා ඉවත් කරගන්න. මෙය සතියට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්.

තෙල් සහිත සමකට අර්තාපල් සහ ඕට්ස් මාස්ක්

අර්තාපල් සහ ඕට්ස්වලට පුළුවන් සමේ ඇති අතිරික්ත තෙල් ඉවත් කරන්න. සමේ ඇති සියලු අපද්‍රව්‍ය ද ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා. මේ සඳහා තම්බා පොතු ඉවත් කරගත් අර්තාපල් ගෙඩි තුනක්, නැවුම් කිරි මේස හැඳි දෙකක්, ඕට්ස් මේස හැන්දක් සහ ලෙමන් යුෂ තේ හැන්දක් අවශ්‍ය වෙනවා. අර්තාපල් ගෙඩි තුන හොඳින් පොඩි කරගන්න. පසුව එයට අනෙක් ද්‍රව්‍ය ද එකතු කර මිශ්‍ර කරන්න. පිරිසිදු කරගත් මුහුණේ ඝනට ආලේප කර මිනිත්තු 30 කට පසුව සෝදා ඉවත් කරගන්න. සතියකට දෙවතාවක් මෙම සත්කාරය සිදු කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?