නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

Published April 28, 2025

Plus Size කියලා කියන්නෙ සම්මත පරාසයන්වල තියෙන ඇඳුම්වලට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් අඳින්න සිද්ධ වෙන ශරීර ප්‍රමාණයන්වලට ඉතින් මේ ප්ලස් සයිස් ගෑනු ළමයින්ට ඇඳුමක් හොයාගන්න ගියාම තරමක් දුෂ්කරතාවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ බඩ ප්‍රමාණවත් විදිහට හංගගන්න පුළුවන් ඇඳුමක් හොයාගන්න පැය ගාණක් සාප්පු පීරනවා. තමන්ගෙ හිත ගිය ලස්සන ඇඳුමක් දැක්කත් ඒක ඔබට කිසිසේත්ම නොගැළපෙනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ ප්ලස් සයිස් ගෑනු ළමයින්ටත් තමන්ට ගැළපෙන විදිහට විලාසිතා කරන්න පුළුවන්. හැබැයි ඒකට ඇඳුම් ආයිත්තම් තෝරද්දි ඔළුවට දාගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. අන්න ඒ කරුණු ගැනයි අද සාකච්ඡා කරන්නෙ.

Wrapping Tops  ටොප්ස් සොයන්න

ඔයා ප්ලස් සයිස් ගෑනු ළමයෙක්නම් ශරීරයටම තද වෙලා තියෙන ඇඳුම් දිහා බලන්නවත් එපා. සමහරවිට ඇඳුම් සාප්පුවකට ගියාම වෙළෙඳ සේවිකාවො ඔයාට නොගැළපෙන නොයෙකුත් ඇඳුම් ලස්සනයි කියලා මවාපායි. ඒත් ඔයාගෙ ශරීරයට ගැළපෙන, අත් ලොකුවට තියෙන Wrapping Top එකක් උත්සහ කරලා බලන්න. ඒ වගේම ඔයාට අපහසුතාවයක් දැනෙන්නේ නැතිව, ඔබේ ශරීරය මත ලස්සනට වැටෙන, සැහැල්ලු, රෆල් කළ ටොප්ස් සහ ඇඳුම් හොයන්න.

ඔයාගෙ ඉන ප්‍රදේශය කැපී පෙන්නන්නනත් රැප් ඇඳුම් හෝ බ්ලවුස් උදව් වෙනවා. ඒ වගේම පෙප්ලම් ටොප් සහ ජැකට් වර්ගත් ප්ලස් සයිස් ගෑනු ළමයින්ට හොඳින් ගැළපෙනවා. ඔයාගෙ පෙනුම වඩාත් හොඳින් පෙන්නුම් කරන්න හැල්ටර් සහ V-නෙක් විලාසිතාවන් සහිත ටොප් වර්ග උත්සාහ කරලා බලන්න.

බැගී ඇඳුම් මගහරින්න

බැගී කලිසම්, ජම්ප් සූට්ස් මඟ හරින්න. බෑගී ඇඳුම් ඔයාගෙ ශරීරය හංගන්න උදව් වෙනවා කියලා සමහරවිට ඔයා හිතනවා ඇති. ඒත් ඇත්තටම වෙන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ දේ. ඒ වෙනුවට, ඕනෑවට වඩා තද නොවී ශරීරය සිහින් කරන ඇඳුම් තෝරගන්න. පුළුවන් තරම් හොඳින් ඇf​ඳන කපු, සිල්ක් හෝ ලොම් වැනි උසස් තත්ත්වයේ රෙදිවලින් නිෂ්පාදිත ඇඳුම් තෝරන්න. ලාභ, ඇලෙන සුළු රෙදිවලින් වළකින්න. සිරස් ඉරි, සිරස් රටා සහිත ඇඳුම් හොඳින්ම ප්ලස් සයිස් ගෑනු ළමයින්ට ගැළපෙනවා. මීට අමතරව A-line Skirts, High-waisted pants, Empire waist tops උත්සාහ කරලා බලන්න.

කළු පැහැති ඇඳුම් ගන්න

ඔයා ප්ලස් ප්‍රමාණයේ ගෑනු  ළමයෙක් නම් ඔයාට තෝරගන්න පුළුවන් වඩාත්ම ප්‍රශංසනීය පැහැය තමයි කළු. කළු පාටට පුළුවන් සිහින් පෙනුමක් ලබා දෙන්න. ඒ විතරක් නෙවේ, කළු පැහැ ඇඳුම් ඇන්දම ශරීරයේ ඇතැම් ස්ථානවල අමතර බර පෙනුම අවම කර පෙන්නනවා. ඒ වගේම සරාගී, අලංකාර පෙනුමක් ලබා දෙන්නත් කළු පැහැති ඇඳුම්වලට පුළුවන්.

තට්ටු ගවුම්, සාය හොඳින්ම ගැළපෙනවා

ලේයර්ස් එහෙමත් නැත්නම් තට්ටු ගවුම්, සායවල් ප්ලස් සයිස් ගෑනු ළමයින්ට හොඳින්ම ගැළපෙනවා. ඒ වගේ ඇඳුම්වලින් ඔයාව හොඳ විලාසිතාවකින් පෙනෙනවා වගේ අමතර බර සැඟවීමට එවැනි ඇඳුම් උදව් වෙනවා.

බඩ ලොකුනම් බෙල්ට් එකක් පළඳින්න

ඔයා ලොකු බඩක් තියෙන ගෑණු ළමයෙක්නම් හොඳ පෙනුමක් ගන්න බෙල්ට් එකක් පළඳින්න පුළුවන්. මොකද බෙල්ට් එකකට පුළුවන් ඔබව වඩාත් සමානුපාතිකව පෙන්නන්න.

අමතර උපාංග එකතු කරගන්න

ඔයාට කැමති ඇඳුමක් ශරීර ප්‍රමාණය නිසා අඳින්න පුළුවන්කමක් නැත්නම් ඒ වෙනුවට ඔබට කැමති ඕනෑම ආභරණයක් පළඳින්න. ආභරණ, හෑන්ඩ් බෑග්, කරාබු පලඳින්න ශරීර බරට අවධානය යොමු කරන්න අවශ්‍ය නෑ. ලස්සන කරාබු, මාල, සේද ස්කාෆ්, විවිධ සපත්තු සහ ලස්සන හෑන්ඩ් බෑග්වලින් ඔයාට පුළුවන් ඔයාගෙ පෙනුම තවදුරටත් වැඩිදියුණු කරගන්න. මේ සරල කරුණු කිහිපය දැනගත්තොත්, ඔයා ප්ලස් සයිස් ගෑනු ළමයෙක් වුණත් සුවපහසු, හොඳ පෙනුමක් තියෙන ඇඳුම් හොයාගන්න එක අමාරු දෙයක් නෙවේ.

Shinesheets ඇසුරෙන්

එරංදි කෞශල්‍යා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

අත්වලිනුත් ඔයාගේ ලස්සන පේනවා.

June 2, 2025

ටෝනර් එකක් ගෙදර හදමු.

May 26, 2025

Cool  එකේ ඉන්නනම් මේ දේවල් Cool  කරලා පාවිච්චි කරන්න.

May 19, 2025

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?