නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු පාට මැච් කරලා Mekeup දාන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

අවුරුදු පාට මැච් කරලා Mekeup දාන්න

Published April 7, 2025
අවුරුදු කාලෙ කියන්නෙත් නෑදෑ ගමන් බිමන්, උත්සව වැඩිපුර යෙදෙන කාලයක්නේ. මේ කාලෙ ඉතින් අවුරුදු පාටිවලින් නම් අඩුවක් නෑ. අවුරුදු පාටියකට යනකොට උවමනාවට වඩා මේක්අප් එකක් දාන එකත් ගැළපෙන්නෙ නෑ. ඒ නිසා පුළුවන් තරම් සිම්පල් මේක්අප් එකක් තමයි මේ කාලෙ ගමන් බිමන් යද්දි දාන්න ගැළපෙන්නේ. අන්න ඒ සිම්පල් මේක්අප් එක හරියට දාගන්නෙ කොහොමද කියලයි අද කියලා දෙන්න යන්නේ.

ඕනම මේක්අප් එකක් දාන්න කලින් පුළුං කැබැල්ලකට රෝස් වෝටර් ටිකක් දාලා මුහුණේ ආලේප කිරීම වැදගත්. සාමාන්‍ය මේක්අප් එකකදි ප්‍රයිමර්ස් භාවිත කිරීම අවශ්‍ය නෑ.

ෆවුන්ඩේෂන් කලර්ස් දෙකක් මිශ්‍ර කළොත්

රෝස් වෝටර් මුහුණේම වියැලුණු පසු ඔබ භාවිත කරන ෆවුන්ඩේෂන් එක ගෙන මුහුණේ සහ බෙල්ලේ ඩොට්ස් විදිහට තබාගෙන පසුව හොඳින් ආලේප කරන්න. මේ දේවල්වලට ස්පොන්ජ් එකක් අවශ්‍යම නෑ. අත් දෙකෙන් වුණත් කරන්න පුළුවන්. ෆවුන්ඩේෂන් පාට දෙකක් මිශ්‍ර කරල හදාගත්තොත් සමේ පාටටම සමාන පාටක් ගන්න පුළුවන්. නමුත් මුහුණේ හැම ප්‍රදේශයම එකම පාටකට බැලන්ස් වෙන විදිහට ප්‍රවේශමෙන් ආලේප කරගත යුතුයි

ෆවුන්ඩේෂන් එක සීල් කරගන්න

ෆවුන්ඩේෂන් එක සීල් කරගන්න රෝස් පවුඩර් ටිකක් ගාගන්න ඕන. මේ දේට නම් පවුඩර් බ්‍රෂ් එකක් අවශ්‍යයි.

ඇහි බැමිවල තියෙන ඇද හදාගන්න

ඇහිබැමි අයි ජෙල් එකකින් වගේම පැන්සලකිනුත් ඇඳගන්න පුළුවන්. නමුත් ප්‍රදානම දේ තමයි ඇහිබැමි ගොඩක් තදට ඇඳගන්න එපා. මොකද මේක සිම්පල් මේක්අප් එකක් නිසා අයිබ්‍රෝ එකක් පාට කරන්නෙ ඇහිබැමි වල තියෙන ඇද ටික හදාගන්න මිසක් ඒවා ලොකු කරලා පේන්නවත් කැපිලා පේන්නවත් නෙවෙයි.

අයිබ්‍රෝ මස්කාරා

ඇහිබැමි ජෙල් එකෙන් හදාගත්තට පස්සෙ අයිබ්‍රෝ මස්කාරා එකකින් ආයෙමත් හෙමීට ඇහැබිමි උඩ ඇඳගන්න. මේක අනිවාර්ය නෑ. නමුත් මුහුණේ පවුඩර් ගානකොට ඒ පවුඩර් ඇහිබැමිවල රැඳෙන නිසා අයිබ්‍රෝ මස්කාරා එකක් භාවිතය වැදගත්.

සිම්පල් අයි ෂැඩෝ එකක්

ඊටපස්සෙ කලර් පැලට් එක අරගෙන තමන්ගෙ ඇස්වලට ගැළපෙන ළා, දිලිසෙන වර්ණයක් ඇස් මුල ආලේප කරගන්න. ඊටවඩා ටිකක් දිලිසෙන වර්ණයක් ඇසේ අග ආලේප කරගන්න.

අයි ලයිනර් එක මහතට එපා

මේ දේ තනියම කරගන්න ටිකක් අමාරුයි. ඒත් පුරුදු වුණාම බැරි නෑ. අයි ලයිනර් එක අරගෙන ඇහේ මුල සිට අගට හෙමීට සිහින් ඉරක් ඇඳගෙන යන්න. ඇහැ අඟට යද්දි ඉර ටිකක් දිගට ගන්න. ඕනවට වැඩිය මහතට අයි ලයිනර් එක අඳින්න එපා.

මස්කාරා

අයිලයිනර් එකෙන් ඇහැ වටේට ඇඳගත්තට පස්මෙ මස්කාරා එක අරගෙන ඇහි පිහාටු සකසාගන්න.

තොල් ආලේපන

තොල් ආලේපන ගල්වන්න කලින් ලිප් ලයිනර් එකකින් තොල් වටේට ඇඳගත යුතුයි. කැමති නම් ලිප්ස්ටික් ගාන්න කලින් ලිප් බාම් එකක් ගාගන්න පුළුවන්. අවසානයේ තමන්ට ගැළපෙන ළා වර්ණයක ලිප්ස්ටික් එකක් ආලේප කරගන්න. මේ දේත් කලර් දෙකක් මික්ස් කරල ගෑවොත් තොල්වලට ලස්සන පැහැයක් ගන්න පුළුවන්.

රූපලාවන්‍ය ශිල්පිණී
මාෂි නෙහන්සා

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?