නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

Published April 14, 2025
විලාසිතා ගැන කතා කරද්දි ඇඳුම් පැළඳුම්වලට වගේම කරාබුවලටත් ලැබෙන්නේ විශේෂ තැනක්. තමන්ගේ ඇඟේ හැඩයට ගැළපෙන්න අපි ඇඳුම් අඳිනවා වගේම තමයි කරාබු පළඳින්න ඕනෙත් මුහුණේ හැඩයට ගැළපෙන විදිහට. කෙනෙක් ඔයාගෙ දිහා බලද්දි ඒ කෙනාගේ අවධානය කෙලින්ම යොමු වෙන්නෙ මුහුණට. ඒ නිසා මුහුණට ගැළපෙන්නෙ නැති කරාබු දැම්මොත් ඔයාගේ ඒ නොගැළපීම හොඳින් අනිත් කෙනාට කැපිලා පේන්න පුළුවන්.

අපි කරාබු වර්ග නිතර දෙවේලේ පැළඳුවට කරාබුවලට කියන නම් වර්ග ගැන නිසි අවබෝධයක් නැහැ. ප්‍රධාන වශයෙන් කරාබු වර්ග කිහිපයූක් තියෙනවා.

■ Stud
■ Cluster Drop
■ Hoop
■ Tear Drop
■ Huggies
■ Dangle
■ Threads

Round Face Shape

රවුම් හැඩැති මුහුණක් තියෙන කෙනෙක් නම් මුහුණේ පළල අඩු කරලා පෙන්නන කරාබු යුගලක් තමයි තෝරගන්න ඕන. සිහින්, තරමක් දිගට තියෙන ‘Dangle‘ වර්ගයේ කරාබු දෙකක් තමයි රවුම් හැඩැති මුහුණක් තියෙන අයට හොඳින්ම ගැළපෙන්නෙ. මේ විලාසිතාවට අමතරව Drop Earings, Ear Threads,Chandelier Earings වර්ගත් ලස්සනට ගළපගන්න පුළුවන්. රවුම් මුහුණක් තියෙන අයට බරින් වැඩි, පළලින් වැඩි Hoop Earings නම් එච්චර ගැළපෙන්නෙ නැහැ.

Heart Face Shape

හදවතක් හැඩයට පිහිටලා තියෙන මේ මුහුණේ නළල ප්‍රදේශය තරමක් පළලින් වැඩියි. නිකට ප්‍රදේශය සිහින් ස්වරූපයක් ගන්නවා. මේ ෂේප් එක බැලන්ස් කරගන්න පුළුවන් විදිහේ කරාබු තමයි තෝරගන්න ඕන. Tear Drop, Dangle, Diamond Chandelier Earings හාට් ෂේප් මුහුණකට හොඳින් ගළපගන්න පුළුවන්. නමුත් විශාල රවුම් සහිත Hoop Earings නම් ගැළපෙන්නෙ නෑ.

Oval Face Shape

හොඳ බැලන්ස් එකක් තියෙන ෆේස් ෂේප් එකක් තමයි ඕවල් ෂේප් කියන්නෙ. මේ බැලන්ස් එකේ තියෙන සුපිරි වාසිය තමයි ඔයාට ඕනම වර්ගයක කරාබු යුගලක් පළඳින්නට හැකි වීම. ඕනම ඇඳුමකට, අවස්ථාවකට ගැළපෙන්න ඕනම කරාබුවක් ගළපගන්න පුළුවන්.Drop,Triangle, Dangle, Studs,Hoop වගේම Button Earings හොඳින්ම මේ ඕවල් මුහුණට ගැළපෙනවා. ඒ වගේම කනට කරාබු කිහිපයක් වුණත් පළඳින්න පුළුවන්.

Square Face Shape

හතරැස් හැඩයක් ගන්න මේ මුහුණු හැඩයේ දිග, පළල තරමක් සමානයි. ඔයාගේ මුහුණේ පළල වැඩි කරවන විදිහේ කරාබු ගැළපෙන්නෙ නෑ. හොඳින්ම ගැළපෙන්නෙ Dangle,Drop,  Hoop,  Triangle වර්ගයේ කරාබු. මේ වර්ගවල කරාබුවලට පුළුවන් ඔයාගෙ මුහුණේ හතරැස් පෙනුම වැඩි කරලා පෙන්නන්න.

Triangle Face Shape

ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන අයට නළලේ පළලට වඩා චීක් බෝන්ස් අතර පරතරය වැඩියි. මේ වගේ මුහුණු හැඩයක් තියෙන අයට ලොකු ීඑමාි කරාබු හොඳින් ගැළපෙනවා. පහළට එල්ලෙන කරාබු මෙවැනි මුහුණු හැඩයක් තියෙන අයට ගැළපෙන්නෙ නෑ.

Long Face Shape

මේ අයගේ මුහුණ දිගටියි. නිකට උල් ස්වභාවයක් ගන්නවා. මේ අයට පුළුවන් පළලින් වැඩි කරාබු පළඳින්න. අඟල් 1/2 ක් වගේ දිග රාබු හැරෙන්නට ඊට වඩා දිග කරාබු දාන එක ගැළපෙන්නෙ නැහැ. Long Facen Shape එකකට හොඳින්ම ගැළපෙන්නෙ Hoop Earings.

එරංදි කෞශල්‍යා
අන්තර්ජාලය ඇසුරෙන්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?