නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මූණට match වෙන්න Sunglasses දාන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

මූණට match වෙන්න Sunglasses දාන්න

Published July 1, 2024

මූණට ගැළපෙන්න සන්ග්ලාසස් දාන එක කෙල්ලන්ට විතරක් නෙවෙයි කොල්ලන්ටත් වැදගත්. සන්ග්ලාස් එකක් තෝරගන්න කලින් ඔයාට ඔයාගේ මූණේ හැඩය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කලින් ලිපි කිහිපයකම තමන්ගේ මුහුණේ හැඩය හොයාගන්න විදිහ අපි කියලා දීලා තියෙනවා. නමුත් මුහුණේ හැඩය බලාගන්න පුළුවන් කොණ්ඩෙ හොඳට පිටිපස්සට කරලා කණ්ණාඩියකින් මූණ බැලුවොත්. ප්‍රධාන වශයෙන් මූණේ හැඩයන් කිහිපයක් තියෙනවා. ඒ තමයි Round, Heart, Square, Diamond, Oval සහ  Oblong. ඉතින් මෙන්න මේ Face shapes වලට ගැළපෙන්න සන්ග්ලාසස් තෝරගන්න ඕන විදිහයි අද කතා කරන්නේ.

Round shape එකේ මූණකට

රවුම් මූණක් කියන්නේ හරියට බබෙක්ගෙ මූණක් වගේ. මෙහෙම මූණක් තියෙන අය සන්ග්ලාසස් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි, ඔයා තෝරගන්න සන්ග්ලාසස් දෙකෙන් මූණට හොඳ තියුණු ගතියක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ත්‍රිකෝණාකාර සහ කොටු හැඩය, Cat eye,Aviator, Butterflyshape එකේ අව් කණ්ණාඩිත් රවුම් මුහුණකට හොඳින් ගැළපෙනවා. ඒ වගේම Wayfarer කියන හැඩයේ සන්ග්ලාසස් වලටත් ඔයාගේ මූණට හොඳ හැඩයක් ලබා දෙන්න පුළුවන්. විශේෂම කාරණාව මේ කිසිම හැඩයක් රවුම් හැඩයක් ගන්නේ නෑ. ඔයාගේ මූණත් රවුම් හැඩයක් ගන්න නිසා ඊට වෙනස් හැඩයක් තියෙන සන්ග්ලාසස් තමයි තෝරගන්න ඕනේ.

Square shape මූණකට

කොටු හැඩයේ මූණක් තියෙන ඔයා ඊට ප්‍රතිවිරුද්ධ හැඩයන්ගේ සන්ග්ලාසස් තමයි තෝරගන්න ඕනේ. ප්‍රමාණය ගැන කතා කළොත් Oversized සංග්ලාසස් ගැළපෙනවා. Aviator, Cat eye කියන්නේ කොටු හැඩය මූණක් තියෙන කෙනෙක්ට හොඳින්ම ගැළපෙන ෂේප්ස් දෙකක්. මගහරින්න ඕන ෂේප් එක තමයි කොටු හැඩයේ සන්ග්ලාසස්. ඒ වගේම ඕනවට වඩා පොඩියට සෘජුකෝණාස්‍රාකාර හැඩයේ සන්ග්ලාසස් ස්ක්වෙයාර් ශේප් මූණකට කොහෙත්ම ගැළපෙන්නේ නෑ.

Heart shape මූණකට

Heart shape මූණක් තියෙන අයගේ නළල පළලින් වැඩියි. ඒ නිසා ඔයා කරන්න ඕනේ මූණෙ උඩ කොටස බැලන්ස් කරලා පහළ කොටසට හොඳ වොලියුම් එකක් දෙන එක. ඕවර් සයිස් සන්ග්ලාසස් තෝරගන්නෙ නැතුව රවුම් හැඩයට තියෙන සන්ග්ලාසස් තමයි ට්‍රයි කරන්න ඕනේ. ඒ වගේම Aviator, Rectangle හැඩයේ සන්ග්ලාසස්වලින් මූණට හොඳ බැලන්ස් එකක් ගන්න පුළුවන්.

Oval shape මූණකට

ඕවල් මූණක පළල් ගතියට වඩා දිග ගතිය වැඩියි. ඒ වගේම බැලන්ස් මූණක්. ඒ නිසා මූණෙ බැලන්ස් එක නැති නොවෙන සන්ග්ලාසස් තෝරගන්න ඕනේ. ඕනම ශේප් එකක සන්ග්ලාසස් ඔයාට ගැළපෙනවා. මගහරින්න ඕන සන්ග්ලාස් ශේප් එක තමයි කොටු හැඩයට තියෙන ඒවා.

Diamond shape මූණකට

ඩයමන්ඩ් මූණකට හොඳින්ම ගැළපෙන්නේ කැට් අයි සන්ග්ලාසස්. ඒ වගේම රවුම් හැඩේ ඕනම සන්ග්ලාස් ෂේප් එකක් ගැළපෙනවා. ත්‍රිකෝණාකාර හැඩයට, කොටු හැඩයට තියෙන ෂේප් තමයි ඩයමන්ඩ් මූණක් තියෙන අයට ගැළපෙන්නේ නැත්තේ.

Long face shape මූණකට

මේ මූණත් පළල් ගතියට වඩා දිග ගතියෙන් වැඩියි. ඒ නිසා මේ අය සන්ග්ලාස් එකක් දාන්න ඕන මූණ පළල් ගතියෙන් වැඩි කරලා පෙන්වන්න. ඕවර් සයිස් සන්ග්ලාසස් ගැළපෙනවා. සයිස් එක වැඩිවන තරමට තවත් හොඳයි.

සඳලි කොට්ටහේවගේ
Lavishing with Sandali

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: Face, Lavishing, Sunglass, මූණ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?