මූණට ගැළපෙන්න සන්ග්ලාසස් දාන එක කෙල්ලන්ට විතරක් නෙවෙයි කොල්ලන්ටත් වැදගත්. සන්ග්ලාස් එකක් තෝරගන්න කලින් ඔයාට ඔයාගේ මූණේ හැඩය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කලින් ලිපි කිහිපයකම තමන්ගේ මුහුණේ හැඩය හොයාගන්න විදිහ අපි කියලා දීලා තියෙනවා. නමුත් මුහුණේ හැඩය බලාගන්න පුළුවන් කොණ්ඩෙ හොඳට පිටිපස්සට කරලා කණ්ණාඩියකින් මූණ බැලුවොත්. ප්‍රධාන වශයෙන් මූණේ හැඩයන් කිහිපයක් තියෙනවා. ඒ තමයි Round, Heart, Square, Diamond, Oval සහ Oblong. ඉතින් මෙන්න මේ Face shapes වලට ගැළපෙන්න සන්ග්ලාසස් තෝරගන්න ඕන විදිහයි අද කතා කරන්නේ.
Round shape එකේ මූණකට
රවුම් මූණක් කියන්නේ හරියට බබෙක්ගෙ මූණක් වගේ. මෙහෙම මූණක් තියෙන අය සන්ග්ලාසස් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි, ඔයා තෝරගන්න සන්ග්ලාසස් දෙකෙන් මූණට හොඳ තියුණු ගතියක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ත්‍රිකෝණාකාර සහ කොටු හැඩය, Cat eye,Aviator, Butterflyshape එකේ අව් කණ්ණාඩිත් රවුම් මුහුණකට හොඳින් ගැළපෙනවා. ඒ වගේම Wayfarer කියන හැඩයේ සන්ග්ලාසස් වලටත් ඔයාගේ මූණට හොඳ හැඩයක් ලබා දෙන්න පුළුවන්. විශේෂම කාරණාව මේ කිසිම හැඩයක් රවුම් හැඩයක් ගන්නේ නෑ. ඔයාගේ මූණත් රවුම් හැඩයක් ගන්න නිසා ඊට වෙනස් හැඩයක් තියෙන සන්ග්ලාසස් තමයි තෝරගන්න ඕනේ.
Square shape මූණකට
කොටු හැඩයේ මූණක් තියෙන ඔයා ඊට ප්‍රතිවිරුද්ධ හැඩයන්ගේ සන්ග්ලාසස් තමයි තෝරගන්න ඕනේ. ප්‍රමාණය ගැන කතා කළොත් Oversized සංග්ලාසස් ගැළපෙනවා. Aviator, Cat eye කියන්නේ කොටු හැඩය මූණක් තියෙන කෙනෙක්ට හොඳින්ම ගැළපෙන ෂේප්ස් දෙකක්. මගහරින්න ඕන ෂේප් එක තමයි කොටු හැඩයේ සන්ග්ලාසස්. ඒ වගේම ඕනවට වඩා පොඩියට සෘජුකෝණාස්‍රාකාර හැඩයේ සන්ග්ලාසස් ස්ක්වෙයාර් ශේප් මූණකට කොහෙත්ම ගැළපෙන්නේ නෑ.
Heart shape මූණකට
Heart shape මූණක් තියෙන අයගේ නළල පළලින් වැඩියි. ඒ නිසා ඔයා කරන්න ඕනේ මූණෙ උඩ කොටස බැලන්ස් කරලා පහළ කොටසට හොඳ වොලියුම් එකක් දෙන එක. ඕවර් සයිස් සන්ග්ලාසස් තෝරගන්නෙ නැතුව රවුම් හැඩයට තියෙන සන්ග්ලාසස් තමයි ට්‍රයි කරන්න ඕනේ. ඒ වගේම Aviator, Rectangle හැඩයේ සන්ග්ලාසස්වලින් මූණට හොඳ බැලන්ස් එකක් ගන්න පුළුවන්.
Oval shape මූණකට
ඕවල් මූණක පළල් ගතියට වඩා දිග ගතිය වැඩියි. ඒ වගේම බැලන්ස් මූණක්. ඒ නිසා මූණෙ බැලන්ස් එක නැති නොවෙන සන්ග්ලාසස් තෝරගන්න ඕනේ. ඕනම ශේප් එකක සන්ග්ලාසස් ඔයාට ගැළපෙනවා. මගහරින්න ඕන සන්ග්ලාස් ශේප් එක තමයි කොටු හැඩයට තියෙන ඒවා.
Diamond shape මූණකට
ඩයමන්ඩ් මූණකට හොඳින්ම ගැළපෙන්නේ කැට් අයි සන්ග්ලාසස්. ඒ වගේම රවුම් හැඩේ ඕනම සන්ග්ලාස් ෂේප් එකක් ගැළපෙනවා. ත්‍රිකෝණාකාර හැඩයට, කොටු හැඩයට තියෙන ෂේප් තමයි ඩයමන්ඩ් මූණක් තියෙන අයට ගැළපෙන්නේ නැත්තේ.
Long face shape මූණකට
මේ මූණත් පළල් ගතියට වඩා දිග ගතියෙන් වැඩියි. ඒ නිසා මේ අය සන්ග්ලාස් එකක් දාන්න ඕන මූණ පළල් ගතියෙන් වැඩි කරලා පෙන්වන්න. ඕවර් සයිස් සන්ග්ලාසස් ගැළපෙනවා. සයිස් එක වැඩිවන තරමට තවත් හොඳයි.
සඳලි කොට්ටහේවගේ
Lavishing with Sandali
එරංදි කෞශල්‍යා ✍️