නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ට්‍රෙන්ඩින් වෙන ලේසි පාර ආගමකට ගැරහීම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ට්‍රෙන්ඩින් වෙන ලේසි පාර ආගමකට ගැරහීම

Published June 5, 2023

බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල බුදුදහමටත් මේ කාලය ඒ තරම් හොඳ කාලයක් නොවේ. මන්ද පොසොන් පොහොය අභියසදී අපට කතා කිරීමට සිදුව තිබුණේ අනුබුදු මිහිඳු හිමියන් මිහින්තලයට වැඩම කරමින් ස්ථාපනය කළ බුදුදහමත් එයින් පෝෂණය වූ කලාවේත් නිජබිම ලෙස සැලකන මිහින්තලය අලෝකවත් කිරීමට එම විහාරයට මුදල් නොමැතිවීමේ පුවතකි. ඒ වෙනුවෙන් විහාරවාසී ස්වාමින්වහන්සේලා පින්ඩපාතේ වඩිමින් මුදල් එකතු කිරීමේ සූදානමක් ඇතැයිද වාර්තා වුණි.

එය එසේ තිබියදී අනෙක් පසෙන් වාර්තා වෙමින් තිබුණේ සේපාල් අමරසිංහගේ දළදාවට කළ නිග්‍රහයත් ඉන්පසුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ බෞද්ධ දර්ශනය විකෘති කිරීමත් අලුත් පරම්පරාවේ සමාජ මාධ්‍ය ප්‍රහසනීකාවක් වන නතාශා එදිරිසූරියගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයන්ය. මේවා ඉන් නතර වේ යැයි අප කාටවත් කිව නොහැකි අතර මේ සියල්ලන්ගෙන්ම සිදුවන්නේ මේ රට තුළ තිබෙන ආගමික සංහිඳියාව පළුදු වීමක් සහ බෞද්ධන්ගේ සිත් රිදීමක් නොවේද?

මොවුන් සියලු දෙනා පිළිබඳව හොඳින් අවධානය යොමු කරන කල්හී බෞද්ධ අපට වැටහී යන්නේ බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇති තුන් දොර සංවරවීමේ අවශ්‍යතාව මිස අන්කවරක්ද. විශේෂයෙන් වචනයේ සංවරභාවය පිළිබඳව ඔවුන් යම් හෝ අවබෝධයකින් සිටියා නම් මේ වන විටත් ඔවුන් පසුපස ලුහුබඳින මෙරට නීතියත් ඊට එහා ගිය කර්ම විපාකයත් නොඑනු ඇත.

තවමත් මේ රටේ කැමති ආගමක් ඇදහීමේ නිදහස අප සියලු දෙනාටම ඇත. ඒ නිසා අප කුමන ආගමක් ඇදහුවත් අනෙක් ආගම්වලට ගැරහීමේ අයිතියක් හෝ ඒ ආගම් හා බද්ධ වී ඇති නිතී පද්ධතිය උල්ලංඝනය කිරීමේ අයිතියක් අපට නැත. එබැවින් කාට හෝ තම ආගම ප්‍රචාරය කිරීමට, මුදල් ඉපැයීමට, සමාජ අවධානය ලබාගැනීමට, ජනප්‍රිය වීමට කිසිදු ආගමික ශ්‍රාස්තෘවරයකුට හෝ දර්ශනයකට විවේචන එල්ල කිරිමේ අයිතියක් මේ රට තුළ නොමැති බව වටහා ගත යුතුය.

ඉහත අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ මොවුන් පිළිබඳව සලකාබැලීමේදී මොවුන්ගේ හැසිරීම මානසික රෝගී තත්ත්වයක් නිසා ඇති වූවක් ලෙස කෙනෙකුට අර්ථ ගැන්විය හැකිය. එවැනි මානසික රෝගීහු තමන් වෙත ලෝකයාගේ අවධානය යොමු කර ගැනීම සඳහා මෙවැනි ආන්දෝලාන්තමක ප්‍රකාශ සිදු කරනවා යැයි ද කිව හැකිය. තවත් පැත්තකින් මොවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ සමාජමාධ්‍ය හරහා මේවා ජනගත කිරීමෙන් ටේ‍රන්ඩින් කර මුදල් ඉපැයීමක් ද විය හැකිය.

මෙහිදී අපට මතක් වන්නේ බුදුන්වහන්සේ බුදුදහම සහ මුදල් අතර පනවා තිබූ විනය නීති මාලාවය. ආනන්ද මහරහතන් වහන්සේ අරබයා ප්‍රකාශ කළ “ආනන්ද සර්පයා දුටුවාද” යන කතාවය. එම නිසා මුදල් ලැබීමේ පරමාර්ථයෙන් සහ මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් හෝ ජනප්‍රියවීමේ පරමාර්ථයෙන් කිසිවෙකුටත් කිසිම ආගමක් විවේචනය කිරීමේ අයිතියක් සහ විකෘති කිරීමේ අයිතියක් නොමැති අතර එවැනි පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් මේ රටේ තිබෙන ආගමික සංහිඳියාව ඉක්මනින් ගිලිහෙනු ඇත.

TAGGED: buddha, buddhism, ට්‍රෙන්ඩින්, බුදුදහම, බුදුන් වහන්සේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?