නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

Published April 21, 2025

අල්ලස සහ දූෂණය කොතන, කොහොම තිබුණත් වැරදිය. ආයතනයක හෝ වේවා, රටක හෝ වේවා, ලෝකය තුළ හෝ වේවා අල්ලස හා දූෂණය නිසා හොඳක් සිදුවී ඇති බව අප මෙතෙක් අසා නැත. ඒ නිසා එය ආයතනයකින් රටකින් වාගේම ලෝකයෙන්ද පිටුදැකිය යුතුමය.පසුගිය දා ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව දියුණුවේ මාවතෙන් විශාල වශයෙන් ආපස්සට ගොස් ඇත්තේ මේ රටේ රාජ්‍ය සේවයේ පොඩි මිනිහාගේ සිට ලොකු මිනිහා දක්වාම ගන්නා අල්ලස හා දූෂණය නිසා බවය.

ජනාධිපතිවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම” එළිදැක්වීමට එක්වෙමින් තවදුරටත් කියා සිටියේ මෙරට රාජ්‍ය නිලධාරීන්ට අල්ලස හා දූෂණය නවතා, හරි මාර්ගයට ඒමට මාස 06 ක කාලයක් ඔහු ලබාදෙන බව සහ ඉන් පසුව එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන රාජ්‍ය සේවකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු පසුබට නොවන බවත්ය.

එය රට ගැන හැඟීමක් ඇති ජනාධිපතිවරයකු විසින් ගත් හොඳ තීරණයක්ය. අද වනවිටත් මෙරට රාජ්‍ය සේවයේ ඇතිව තිබෙන කළු පැල්ලම් මැකිය නොහැක. ඒ බොහෝ කළු පැල්ලම් ඇතිව ඇත්තේ අල්ලස් ලබාගැනීම හා දූෂණය සම්බන්ධවය. මේ රටේ ඕනෑම පුරවැසියකු රාජ්‍ය ආයතනයකට යමක් කරගැනීම සඳහා ගොඩවන්නේ ඒ කළු පැල්ලම් හිතේ තබාගෙනය. එය ඔප්පු වෙන අවස්ථාවන්ද එමටය.

අතමිට මෙලෙව්වොත් පමණක් වැඩක් කරදෙන රාජ්‍ය සේවයක් අපට උරුමය. ඒ නිසා තාක්ෂණය ඔවුන්ට ඔබ්බවන්නට හැදුවත් ඔවුන්ගේ සිත් තුළ ඇති මෙකී දූෂිත සිතුවිලි සහ කෙසේ හෝ අල්ලස් ලබාගැනීමේ සිතුවිලි, සම්මන්ත්‍රණ තියා දේශන තියා ඉවත් කළ නොහැකිය. ඔවුන්ගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට නම් එවැනි නිලධාරීන්ට එරෙහිව රටේ බලපවත්වන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඇත්තය. එසේ කරන කල අගෞරවයට පත් රාජ්‍ය සේවයට නිතැතින්ම ගෞරවය පැමිණෙනු ඇත. බංකොළොත් රාජ්‍ය සේවය යළි පිබිදෙනු ඇත. ඒ නිසා ජනාධිපතිතුමනි, මාස හයකින් හෝ මේ තීරණය ක්‍රියාත්මක කරන්න.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?