නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

Published April 14, 2025

තවත් පැය කිහිපයකින් සිංහල අලුත් අවුරුද්ද උදා වෙන අතර අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා පූර්ව භාග 3. 21 ට සිදුවන බව නක්ෂත්‍රවේදයේ සඳහන්ය. ඉන් පසුව ශ්‍රී ලාංකික අපට අලුත් අවුරුදු නැකැත්වලින් තිබෙන ප්‍රධාන නැකත වන්නේ ලිප ගිනි මොළවා වැඩ ඇල්ලීමයි. නැකැත් ශාස්ත්‍රයට අනුව අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 6. 44 ට වැඩ අල්ලා ගණු දෙනු කළ යුතුය. නමුත් ඊටත් පෙර ලංකාවේ අපි වෙනුවෙන් වැඩ අල්ලා ඇත්තේ ඇමරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල් ට්‍රම්‍ප්ය.

අද වනවිට ලංකාවේ අපට සිංහල හා දමිළ අලුත් අවුරුදු අසිරිය අමතක වෙමින් වඩා කතාබහ ඇතිවී ඇත්තේ ටේ‍රම්ප් එක රැයකින් කළ මෙම අපූරු බදු ගැහිල්ලය. මේ රටින් ඇමරිකාවට අපනයනය කෙරෙන සියලු භාණ්ඩ සඳහා 44 % ක තීරු බද්ද ඩොනල් ට්‍රම්ප්‍ පනවා ඇත්තේ නැඟිටෙමින් තිබෙන ආර්ථිකය දවා අළු කර දමන්නටය. ඔහු මේ මඟින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ

අපනයන සහ ආනයන බදු පරතරය පියවා ගැනීමකි. ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ගත්තු තීරණය වැරදි නොවන්නට පුළුවන. නමුත් එය ක්‍රියාත්මක කළ ආකාරය අතිශයින්ම වැරදිය. මේ වනවිටත් ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ඨීඡ සහනය යටතේ භාණ්ඩ 3000 කට අධික ප්‍රමාණයක් අපනයනය කරනු ඇත. එම භාණ්ඩ තුන්දාහස අතරේ පෙරමුණේ සිටින්නේ මෙරට නිෂ්පාදනය කරන ඇඟලුම්ය. එලෙස ඇති කළ 44 % ක බද්දෙන් මෙරට බහුතරයකට රැකියා සපයන ඇඟලුම් කර්මාන්තය නැත්තටම නැති වනු ඇත. ඒ නිසා පවතින රජයේ මැති ඇමතිවරුනි ඩොනල් ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීමේ අවුරුදු තෑග්ග අපි වගේ රටකට පිළිගත හැකිද?

කිසිසේත්ම නැත. විවිධ රජයන්වලින් ඇති කරමින් ප්‍රවර්ධනය කළ නිදහස් වෙළඳ කලාප වැසීමට මත්තෙන් පවතින රජයේ අදාළ පාර්ශවයන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තියෙන් යම් සහනදායී මුදලක් දක්වා අඩු කරවා ගැනීමටවත් ක්‍රියාත්මක විය යුතුය. මේ ප්‍රශ්නයේදී එකිනෙකාට බෝල පාස් කිරීම වෙනුවට ඇගලුම් කර්මාන්තයේ නියැළෙන ව්‍යාපාරිකයන් සහ අපනයන භාණ්ඩවල හිමිකරුවන් එක්වී ඇමෙරිකානු තීරු බද්ද අඩු කරගැනීම සඳහා රජයට බල කළ යුතුය. නැතිනම් සිදු වන්නට යන්නේ තීරු බදු අඩු රටවලට මෙම ඇඟලුම් කෝටාව නිහඬවම ගමන් කිරීම සහ අපේ රටේ ඇඟලුම් සහ අපනයන ක්ෂේත්‍රයේ වැඩ කරන බොහෝ තරුණ තරුණියන්ට ළඟදීම ඇඳිවතත් නැතිවී පාරට බැසින්නට සිදුවීමක්ය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?