නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇස් අන්ධ කර වන්දි ගෙව්වාම ඔක්කොම හරිද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ඇස් අන්ධ කර වන්දි ගෙව්වාම ඔක්කොම හරිද

Published July 10, 2023

රටක් නිරෝගීව තැබීමට උරදෙන සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ලෙඩවීම යනු මුළු රටම ලෙඩ වීමක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. දැන් අපට සිදුව ඇත්තේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මරාගෙන මැරිය යුතු පුවත් දවසින් දවස වාර්තා කරන්නටය. එසේනම් රටේ ජනතාවගේ නිරෝගීකම පිළිබඳව තවත් කවර කතාවක්ද?

පසුගිය දවස් කිහිපය පුරා මෙරට පණ අදින සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ පුවත් වාර්තා වූ අතර ඉන් වැඩිම අවධානයක් යොමු වූයේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කොළඹ අක්ෂි රෝහලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ රෝගීන්ගේ බෙහෙත් නිසා ඇස් පෙනීමේ දුර්වලතා සහ ඇස් අන්ධවීම් සිදුවූ බව පිළිගැනීමය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ අක්ෂි බෙහෙත් නිසා එලෙස අන්ධ වූ සැමට ආණ්ඩුවෙන් වන්දි ගෙවීමට සූදානම් බවය.ඒ අතරම රාගම රෝහලේ කාන්තාවක මියයෑම සහ බිළිඳුන්ගේ මියයෑමටද හේතු වී ඇත්තේ ලබාදුන් බාල ඖෂධවල අසාත්මිකතාවයක් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රශ්න කරන අතර එයටද විමර්ශනයක් ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

කෙනෙකුගේ ජීවිතය නීරෝගීව පවත්වාගෙන යෑමට ඖෂධ,  එන්නත් වගේම ශල්‍යකර්ම සහ වෛද්‍ය උපදෙස් එක ලෙසම වැදගත් අතර මින් එකක් හෝ හරියට නොතිබෙන කල සිදුවන්නේ කුමක්දැයි දැන් අපට උදාහරණ සහිතවම පෙන්වා දිය හැකිය. පසුගිය කාලය පුරාම ලංකාවේ රජයේ රෝහල් වලින් ලැබෙන බාල බෙහෙත් ගැනත් බොහෝ බෙහෙත්වල හිඟකම ගැනත් මාධ්‍ය මඟින් කතා කළ අතර ඒ කතා බොහොමයක් බීරි අලින්ට වීණා වාදනය කරන්නාක් වැනි විය.

මේ හේතුවෙන් අන්තිමට අමාරුවේ වැටී ඇත්තේ මෙරට නිදහස් සෞඛ්‍ය භුක්ති විඳින රෝගී ජනතාව මිස අන් කවරෙක්ද? .සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි එක ඖෂධ තොග කාණ්ඩයක තිබූ ගැටලුව නිසා කොළඹත්, නුවරඑළියේත් ඇස් රෝගීන්ගේ ඇසේ ප්‍රශ්න ඇතිවීමෙන් පසු එම ඖෂධ තොගය හරවා යවමින් එම සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කළද එලෙස ඇස් අන්ධ වූ, පෙනීම අඩු වූ කිසිදු රෝගියෙකුගේවත් පෙනීම නැවත ලැබෙන්නේ නැත.

දැනටමත් සිදු වී ඇත්තේ ඇස් නොපෙනීම නිසා ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වීම සහ ජීවන තත්ත්වය සීඝ්‍රයෙන් පහළ යෑමකි. එසේනම් සෞඛ්‍ය අමාත්‍යවරයා වාචිකව කියූ වන්දි ලබාදීම යථාර්ථයක් බවට කඩිනමින් පත් කළ යුතු අතර එයින් පෙනීම නොලැබුණත් රෝගීන්ගේ ජීවිත යම් ප්‍රමාණයකට හෝ සුරක්ෂිත වනු ඇත.

තවද වගකිව යුතු රජයක් කළ යුත්තේ මෙවැනි බාල බෙහෙත් මුදලට හෝ ආධාර වශයෙන් කුමන රටකින් කුමන සමාගමකින් මෙරටට ලබාදුන්නේ දැයි සොයා බලා ඔවුන්ට නීති මාර්ගයෙන් කටයුතු කිරීමය. එසේ නොවුණහොත් මොවුන් ලංකාවෙ පමණක් නොව ලෝකයේ තවත් රටවල ජනතාවගේ ඇස් අන්ධ කිරීම සහ පෙනීම දුර්වල කිරීම සඳහා කටයුතු කරනු ඇත.

TAGGED: Eye medicine, health, අක්ෂි බෙහෙත්, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?