නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නොවිසදෙන බත් පතට  වැදීම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

නොවිසදෙන බත් පතට  වැදීම

Published November 4, 2024

අපි බත් කන රටක් වෙමු. ඉන් එහාට ආසියාවේ බොහෝ රටවල් ද අප්‍රිකාවේද ප්‍රධාන ආහාරය වී ඇත්තේ බත්ය. අපේ රටේ නම් හාල් පතට වැටෙන සෑම ලෙඩ කුණක්ම තදටම දැනුණේ ලොකු මිනිහාට වඩා පොඩි මිනිහාටය.

මේ නිසා පොඩි මිනිහාගේ දිවි රකින බත්පතට වන අඩු වැඩි වීම් ආණ්ඩු පෙරලන්නටත් ආණ්ඩු පිහිටුවන්නටත් හේතු වූ බව බොහෝ දේශපාලනඥයෝ නොදන්නවාද නොවේ.

ඡන්ද කාලෙට පමණක් හෝ ජනතාව පිළිබඳව හිත උණුවන මෙරට බෙහෝ දේශපාලනඥයින් හාල් කිලෝ ගණන්වලින් ජනතාවට බෙදීමේ සිරිතක් අනුගමනය කරන්නේ මේ නිසා වෙන්නටත් ඇත.

කිලෝ 5 මිටියට කිලෝ 10 මිටියට අහුවෙන දුප්පත් ජනතාව පසුගිය වසර 76 දීම කළේ දේශපාලඥයින්ගේ හාල් මංකොල්ලයට නතුවීමය.

තවමත් මේ රටේ හාල් ප්‍රශ්නය ප්‍රශ්නයක්ම වී ඇත. ආණ්ඩුව කියා තිබුණේ අත්‍යවශ්‍ය සහල් තොග සතොස හරහා මිලට ගැනීමට කටයුතු කර ඇති බවය.

එහෙත් සතොසේ මිලට ගන්නට හාල් නැත. එසේ නම් යල, මහ කන්නවල අස්වැන්න තිබෙන්නේ කා ළඟද?

වාර්තමාන ජනාධිපති සහෝදරයා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් වහාම කියා සිටියේ මෙරට සහල් මෝල් හිමියන් සතුව පවතින සහල් තොග සම්බන්ධයෙන් වාර්තාවක් සකසා දෙන ලෙසය.

එහි වගකීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරිණි. මේ වනවිටත් සුළු හා මධ්‍ය පරිමාණයේ සහල් මෝල්වල ඇති සහල් සංචිත පිළිබඳ වාර්තාව ජනපති වෙත ලබාදී ඇත.

මන්ද විපක්ෂයේ සිටිනාවිට හාල් පිළිබඳ සෑම ප්‍රශ්නයකදීම පාර්ලිමේන්තුවේදී දැන් ආණ්ඩුව තරම් කෑ ගැසුව පිරිසක්, සාධාරණය වෙනුවෙන් ගේම ඉල්ලූ පිරිසක් මේ රටේ පාර්ලිමේන්තුවේ සිට නැත.

ඔන්න කරනවා නම් කර පෙන්නන්න හොඳම අවස්ථාව දැන් ඔවුන්ට ලැබී ඇත. ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් එක හඬින් කියා සිටින්නේ පාලන මිලට සහල් දෙන්නට බැරි බවය.

එසේ නම් ඒ සඳහා රජය මැදිහත් විය යුතුමය. ඒ මැදිහත් වීමට පාට පක්ෂ පසෙකලා කවුරුත් උදව් කළ යුතුමය. පිටරටින් හාල් ඇටයක්වත් නොගෙන්වා අපේ රටේ වී ගොවියා හාල් මෝල් හිමියන්ගෙන් රැකගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගේමට බැසිය යුතුමය.

එසේ කරන කළ විශ්වාසය දිනා නොගත් 58% විශ්වාසය ගොඩනැඟෙනු ඇත. වසා දැමුනු හාල් මිල පාලනයට දායක වූ ආයතන ස්ථාපනය කළ යුතුය.

ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන වෙළඳපොලේ තරඟකාරීත්ව ඇති කරමින් කුඩා සහ මධ්‍ය පරිමාණයේ සහල් මෝල් හිමියන් රැකගැනීම වෙනුවෙන් සමූපකාර ක්‍රමයක් ඇති කිරීමද කළ යුතුය. කෙසේ හෝ නියපොත්තෙන් කඩන්නට තිබුණ ප්‍රශ්නය පොරොවෙන් හෝ කපා විසඳිය යුතුමය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?