නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආණ්ඩුවේ කාටද කිරි අල දොළදුක
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ආණ්ඩුවේ කාටද කිරි අල දොළදුක

Published December 4, 2023

ඉන්දියන් සාගරයේ මුතුඇටය ලෙස අතිතයේ විරුදාවලි ලත් මේ රට පසුගිය කාලයේ ආසියාවේ ආශ්චර්ය ලෙසද හැඳින්වූ අතර දැන්නම් හරියටම හඳුන්වන්නේ ආසියාවේ ආශික්ලන්තය ලෙසටය. එහි කිසිදු වරදක් නොමැති බව වඩාත් හොඳින්ම දන්නේ එහි ජීවත් වන සාමාන්‍ය ජනතාව වන අපය.

මේ වනවිටත් ආශික්ලන්තයේ බොහෝ දෙනෙකු යන්තම් හෝ බඩකට පුරවාගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF වෙතින් ලබාගත් ණය මුදලට පින්සිදු වන්නටය. එපමණක් නොව ඒ නිසා ගිලා බැස තිබෙන මෙරට ආර්ථිකයටද යම් ප්‍රමාණයක හෝ සවියක් ලැබී ඇත. දැන්ද දත කට නියවාගෙන බලා සිටින්නේ නුදුරේදීම IMF වෙතින් ලැබෙන ඉතිරි ඩොලර් කෝටි 30 ක ණය වාරිකය ලැබෙන තෙක්ය.

නමුත් මෙහි හොඳම හරිය මතුවන්නේ මුලින් ලැබුණු ණයවලින් ගෙන්වා ඇති බඩු ගැන පාර්ලිමේන්තුවේදීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු කරන ලද අනාවරණයත් සමගය. ඔහු පෙන්වා දී ඇත්තේ ලැබුණු ණයවලින් ඩොලර් විසිනව කෝට් පනස්ලක්ෂයක් වියදම් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුම කිරි අල, අර්තාපල්, සුදුලූනු, ගොරකා, කජු, ගස්ලබු, කොමඩු, අන්නාසි සහ ටින් මාළු මෙරටට ගෙන්වූ පුවතයි.

මේ කාරණයට කොතනින් සිනා විය යුතුදැයි තවමත් අපට නොතේරෙන අතර කිවයුතුම කාරණය වන්නේ මෙරට පොළව මතට ඇට ටිකක්, දඬු ටිකක් විසිකළ පමණින් වැවෙන ගස්ලබු, කොමඩු, කිරි අල, අර්තාපල් වැනි බෝග පිටරටින් ගෙන්වීමට තරම් කුඩා මොළයක් මොවුන්ගේ ඔළු කටු තුළ තිබීම පිළිබඳවය.

 මේ වනවිටත් කර ඇති ආර්ථික දියුණුවේ තරම කොතෙක්ද කියතොත් කළු සීනි ඇටයක් තියා සුදු සීනි ඇටයක්වත් පාරිභෝගිකයාට සතොසකින් හෝ සුපිරි වෙළඳසැලකින්වත් රු 270 මිලකට සොයාගැනීමට බැරිය. තියෙන ටිකත් ඇත්තේ ගිණි ගණන්වලටය. මේවා කොහොම ඇතිවූ හිඟයන් දැයි දන්නේ ඒවාට උඩගෙඩි දෙන උන් පමණි. එහෙව් වටපිටාවක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2024 අයවැයේ කෘෂි ආර්ථිකය පිළිබඳවත් අමතක කර ඇත.

හොරාගේ අම්මාගෙන් පේන අසා වැඩක් නැතැයි දන්නා ජනතාව වහාම කළ යුත්තේ තියෙන බිම් අඟලක මොනවා හෝ වගා කරමින් තමන්ගේ කෑම වේලට අවශ්‍ය ද්‍රව්‍ය පුළුපුළුවන් විදිහට සපයාගැනීමක්ය. දියවන්නාවේ අය ජනතාවගේ බඩගින්න තේරුම්ගනීවි යැයි කිසිවිටෙකත් අපේක්ෂා කළ නොහැකිය. ඒ නිසා ළඟ එන උත්සව සමයේ ගිනි ගණන්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින රජයටම හරියන කළු කඩකාරයන්ගෙන් බේරීම සඳහා පාරිභෝගික ජනතාව වන අප උපක්‍රමශීලී විය යුතුමය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?