නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පණ අදින සෞඛ්‍යය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

පණ අදින සෞඛ්‍යය

Published July 31, 2023

නිරෝගීකම තරම් පරම සැපතක් මෙන්ම පරම ලාභයක් මෙලොව නොමැති බව අපි හොඳින්ම දනිමු. ඒ නිසා රටක ජනතාවගේ නිරෝගීකම කෙරෙහි බලපාන රටේ සෞඛ්‍ය පද්ධතියේ ඇති වන හොඳ සහ නරක පිළිබඳව නිරන්තරයෙන් නවලිය අවදියෙන් සිටින්නෙමු. ඒ අනුව බලන කල දැන් මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇත්තේ මරණාසන්නයේ බවක් අපටද වැටහෙමින් පවතී. එයින් ගොඩ ඒමට කිසිසේත්ම නොහැකි බව පෙන්වන අනාවරණයක් පසුගියදා කරනු ලැබුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන් පවසන්නේ දැනට මෙරට රාජ්‍ය රෝහල්වල පවතින ඖෂධ හා එන්නත් හිඟය ලබන වසරේදී මීටත් වඩා දරුණු තත්ත්වයට පත්විය හැකි බවකි.

 එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඖෂධ මිලදී ගැනීමේ සම්මත ක්‍රියාවලියෙන් බැහැරව යමින් හදිසි ඖෂධ මිලදීගැනීමේ ක්‍රියාවලිය නිසා මෙරට ඖෂධ අවුල මේ වනවිට අවුලෙනුත් අවුලට පත්ව ඇති බවයි. එම නිසා ජනතාවගේ ජීවත්වීමේ අයිතියද වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ආමත්‍යංශය උදුරාගෙන ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා එල්ල කරයි.

 හදිසි ඖෂධ මිලදීගැනීම් වලින් රුපියල් මිලියන ගණනක ලාභයක් ලැබූ බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පුරසාරම් දෙඩෙව්වත් සංගමය පෙන්වා දෙන්නේ රුපියල් සීයට ගත හැකි ඇතැම් බෙහෙත් සඳහා සාම්ප්‍රදායික ක්‍රියාවලියෙන් පිට පන්නා කළ හදිසි මිලදීගැනීම් නිසා රුපියල් දහසක් වැනි ලොකු මුදලක් එක පෙත්තක් මිලදී ගැනීම සඳහා ඔවුන් ගෙවා ඇති බවකි.

 මෙහි ප්‍රතිඵලය වශයෙන් ඖෂධ මිලදී ගැනීමට රජය සහ භාණ්ඩාගාරයෙන් වෙන් කළ මුදල් බෙහෙත් කිහිපයක් පමණක් ගැනීමට සීමාවීම, ප්‍රමිතිගත ආයතනවලින් තොරව ඖෂධ කඩවලින් ඖෂධ මිලටගැනීම නිසා බාල ඖෂධ සහ එන්නත් මෙරටට පැමිණ තිබීම, අත්‍යවශ්‍ය ඖෂධ සහ ප්‍රමිතිගත ඖෂධ නොමැතිවීම නිසා

 රෝගීන් අසරණවීමේ බාල ඖෂධ රෝහල්වල ඇතැයි යන සැකය නිසා බොහෝ රෝගීන් මරණාසන්නව සිටියත් ඖෂධ සහ එන්නත් රජයේ රෝහල්වලින් ලබාගැනීමට බිය වීම වගේම පොඩි දරුවන්ට ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම පවා ප්‍රතික්ෂේප කිරීම දැනටමත් සිදුව ඇත.

 මේ වනවිටත් ලංකාවෙන් තුරන් වෙමින් තිබුණු සරම්ප වැනි බෝවන රෝග මෙන්ම මොළේ උණ වැනි රෝග තත්ත්වයන් පවා වැඩි වෙමින් ඒවායින් පෙළෙන දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලබාගන්නා බවත් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. මෙවන් තත්ත්වයක් තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන ඉහත කාරණා පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය වහා යොමු විය යුතු අතර රජය ක්‍රියාත්මක නොවන්නේනම් එක් පුද්ගලයෙකුගේ අත්තනෝමතික තීරණ නිසා රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියත් එය භුක්ති විඳින ජනතාවත් පණ අදිමින් හෝ නොසිට වහා මියයනු ඇත.


TAGGED: health, සෞඛ්‍යය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?