නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැන් ට්‍රෙන්ඩින් මයික්‍රොබ්ලේඩින් – ඇහිබැමි ඇදපු කාලෙ ඉවරයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

දැන් ට්‍රෙන්ඩින් මයික්‍රොබ්ලේඩින් – ඇහිබැමි ඇදපු කාලෙ ඉවරයි

Published June 26, 2023

අද අපේ රටේ වගේම ලෝකෙ හැමතැනම මයික්‍රොබ්ලේඩින් රූපලාවන්‍ය සත්කාර ක්‍රමය ප්‍රචලිත වෙමින් පවතිනවා. ඒ එම සත්කාරය දිගු කාලයක් පවතින නිසා වගේම මුහුණට ස්වභාවික සුන්දරත්වයක් ගෙනදෙන නිසා. මයික්‍රොබ්ලේඩින් කරන්න පුළුවන් ඇහිබැමි වලට විතරක් නෙවේ. තොල්වලට වගේම අයිලයින්ස් වලටත් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන්. සරලවම මයික්‍රොබ්ලේඩින් කියන්නෙ ඇහැබැමි, තොල් පෙති, අයිලයින්ස්වලට කරන්න පුළුවන් සෙමි පර්මනන්ට් මේක්අප් එකක්.

● මොකද්ද මේ මයික්‍රොබ්ලේඩින්

මයික්‍රොබ්ලේඩින් කියන්නෙ ටැටූ කලාව හා සමීප සත්කාරයක්. මයික්‍රොබ්ලේඩින් සිදුකරනු ලබන්නේ කුඩා ඉඳිකටු කිහිපයකින් සාදන ලද කුඩා මෙවලමක් භාවිතයෙන්. මෙම ප්‍රතිකාරය සාමාන්‍යයෙන් ඇහි බැමෙහි හැඩය සහ වර්ණය යන දෙකටම අනුව ඒවායේ පෙනුම වැඩි දියුණු කිරීමට හෝ ප්‍රතිනිර්මාණය කිරීමට භාවිත කරනවා. සමේ පළමු ස්ථරයට වර්ණක තැන්පත් කිරීමක් තමයි මින් සිදුවෙන්නෙ. එබැවින් එය සාම්ප්‍රදායික පච්ච කෙටීමේ ක්‍රමවලට වඩා වේගයෙන් මැකී යයි.

● වාසි

යම්කිසි හේතුවක් මත ඇහිබැම නොවැඩෙන ස්ථාන, වොලියුම් එකෙන් වගේම දිගින් අඩු, මහතින් අඩු හෝ අපිළිවෙළ ඇහිබැම පිළිවෙළට සකසාගන්න තමයි මයික්‍රොබ්ලේඩින් ක්‍රමය සිදුකරනු ලබන්නෙ.

● අවාසි

අපිරිසිදු සහ අඩු ගුණාත්මක උපකරණ භාවිතය සමේ ගැටලු රාශියකට හේතු විය හැකියි.

● ටැටූ සහ මයික්‍රොබ්ලේඩින් පටලගන්න එපා

බොහෝ දෙනා ටැටූ සහ මයික්‍රොබ්ලේඩින් කලාවන් දෙක පටලගන්නවා. ඒ නිසා සමහරවිට නොදැනුවත්කම හේතුවෙන් ඇහිබැමෙහි ඇති ස්වභාවික පෙනුමට හානියක් වෙන්න වුණත් පුළුවන්. මේ නිසා මයික්‍රොබ්ලේඩින් ගැන මනා දැනුමක් හා වගකීමක් සහිත රූපලාළවන්‍යාගාරයකින් මෙම සේවාව ලබාගැනීම ඉතා වැදගත්. 

● මේ අයටනම් හොඳ නෑ

රුධිරගත සීනි, අධි රුධිර පීඩනය හා හර්පිස් වැනි රෝගී තත්ත්වයන් තියෙන අය මයික්‍රොබ්ලේඩින් කිරීම සුදුසු නෑ.

● ආරක්ෂාව සහ පසු රැකවරණය

01. මයික්‍රොබ්ලේඩින් කළ පසු දින දහයක් ගතවන තුරු විසබීජවලින් ඈත් කර ඇහිබැමි පිරිසිදුව තබාගැනීම ඉතා වැදගත්.

02. නිරතුරුවම බ්ලොටිං කඩදාසි (Tissue) භාවිතයට ගන්න. බ්ලොටිං කඩදාසි තීන්ත, දුහුවිලි හෝ තෙල් අවශෝෂණය කර ගැනීමට භාවිත කරන අධික අවශෝෂක කඩදාසි වර්ගයක්.

03. දින දහයක් ගතවෙනතුරු Makeup  භාවිත කරන්න එපා. මයික්‍රොබ්ලේඩින් සමෙහි කුඩා කැපුම් ඇති කරන බව මතක තබා ගත යුතුයි. ඒ නිසා සම සුවපත් වීමට ඉඩ දිය යුතුයි. නැතිනම් මේක්අප් හේතුවෙන් ආසාදනයක් ඇති විය හැකියි.

04. මොයිස්චරයිසින් කරන්න. දහඩිය දැමීම වළකාගන්න. දින දහයක් ඇහි බැමි ප්‍රදේශය Skin care routing වලින් වැළකී සිටින නිසා සම වියළීමට පටන් ගන්නා අතර මෙයට පිළියමක් ලෙස කෝමාරිකා හෝ රෝස වතුර කුඩා ප්‍රමාණයක් ඇහිබැම ප්‍රදේශයේ ආලේප කරගත හැකියි.

රූපලාවන්‍ය උපදේශිකා
ප්‍රභානි සමරසිංහ
ඕෂධී බියුටි ක්‍රියේෂන්
ඇන්ඩ් ඇකඩමි

● එරංදි කෞශල්‍යා

TAGGED: Making eyebrows, Microblading, ඇහිබැමි සෑදීම, මයික්‍රොබ්ලේඩින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?