නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

Published May 5, 2025

Deodorant කියන්නෙ අපි කවුරුත් නිතරදෙවේලෙ භාවිත කරන නිෂ්පාදනයක්. මේකෙන් වෙන්නෙ දහඩිය දැමීම නිසා හම මත සිදුවන බැක්ටීරියා ක්‍රියාවලියෙන් ඇතිවන දුර්ගන්ධය අවම කර නැවුම් බවක් ලබාදීමයි. ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අපේ ශරීරයට නිතරම දහඩිය දානවා. ඒ නිසා මේ දහඩියට විසඳුමක් විදිහට ඩියෝඩ්‍රන්ට් එකක් අනිවාර්යයෙන්ම භාවිතයට ගත යුතුමයි. දහඩිය දුගඳ වැඩිපුර හමන්නෙ මේ නිසයි.

නිතර නිතර සිල්ක් ඇඳුම් අඳිනකොට දහඩිය දුගඳ වැඩිපුර හමනවා. මේ තත්ත්වය වළක්වාගන්න දහඩිය උරාගැනීමේ හැකියාවක් පවතින කොට්න් ඇඳුම්වලට පුළුවන්. ඒ වගේම ඇතැමුන්ගේ ශරීරයේ පවතින දැඩි උෂ්ණ ගතියත් දහඩිය දුගඳ වැඩිපුර හැමීමට බලපානව. නොයෙක් ආකාරයේ ඩියෝඩ්‍රන්ට් ස්පේ, ක්‍රීම්, ද්‍රව වගේ විවිධාකාරයෙන් එනවා. තමන්ට කැමති සුවඳකින්, බ්‍රෑන්ඩ් එකකින් ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්.

හොඳ නිෂ්පාදනයක් නෙවේනම් අත් යට අඳුරු පැහැ වේවි. ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරනකොට සමහර අයගේ අත් යට කළු පැහැ වෙනව. ඒ නිසා හොඳ බ්‍රෑන්ඩ් එකකින් මෙය මිලදී ගත යුතුයි. එහෙම නැති වුණොත් දහඩිය දුගඳට විසඳුම් හොයනවට අමතරව සමේ අඳුරු පැහැයට ප්‍රතිකාර කරන්නත් සිද්ධ වෙනවා.

වැදගත්ම දේ පිරිසිදුකමයි…

දහඩිය දැමීමට අපිරිසිදුකම බෙහෙවින් බලපානවා. එක් වරක් ඇඳපු ඇඳුමක් ආයෙම ඇන්දොත් දහඩිය දුගඳ දෙගුණ තෙගුණ වෙලා හමනවා. ඒක තමන්ට වගේම වටේ ඉන්න අයටත් අප්‍රසන්න හැඟීමක් ගෙනදෙන්නක්. ඒ වගේම අත් යට දහඩිය රැඳීම අඩුකරගන්න නිතරම ඒ ආශ්‍රිතව වැවෙන රෝම ඉවත් කර තබාගැනීම කළ හැකියි. පිරිසිදු වන අවස්ථාවේදී අත් යට හොඳින් සෝදා, බොඩි වොෂ් එකකින් පිරිසිදු කරගත යුතුයි. ඉන් අනතුරුව ඇඳුමක් ඇඳීමට ප්‍රථමයෙන් ඩියෝඩ්‍රන්ට් එක භාවිත කළ යුතුයි.

භාවිත කළ යුතු ප්‍රමාණයක් තියෙනවා…

ඩියෝඩ්‍රන්ට් භාවිත කළ යුතු ප්‍රමාණයක් තියෙනවා.මොකද මේ සෑම නිෂ්පාදනයකම කුඩා ප්‍රමාණයක් හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. සමහරුන්ට මේ කෙමිකල්ස් අසාත්මිකතා ගෙනදෙනවා. ඒ නිසා ඕනෑවට වඩා මෙය තැවරීම නොකළ යුතුයි. සමහර ඩියෝඩ්‍රන්ට් සැෂේ පැකට්වලත් තියෙනවා’ එයින් සුළු ප්‍රමාණයක් අත්ලට දමාගෙන අත් යට සහ ගෙලෙහි ගැල්විය හැකියි.

වටින ටිප්ස් කිහිපයක්…

ගොඩක් දහඩිය දාන අයට පුළුවන් ඩියෝඩ්‍රන්ට් එකක් භාවිත කරනවට අමතරව පවුඩර් ටිකක් තවරාගන්න. ඒ වගේම ඕඩික්ලෝන් වුණත් මේ දහඩිය දුගඳට භාවිත කරන්න පුළුවන්. රෙදි හෝදනකොට රෙදි සෝදා අවසානයේ ඊට එකතු කරන සුවඳ දියරය නිසා දහඩිය දුගඳ හමන එක බොහෝ සෙයින් වැළකෙනවා.

ඒ වගේම ඩියෝඩ්‍රන්ට් එකේ මූඩිය හොඳින් වසා තැබිය යුතුයි. එය වාෂ්ප වන සුළු ද්‍රවයක්. ඩියෝඩ්‍රන්ට් එක නිතරම මූඩිය යට පැත්තට හරවලා තිබ්බොත් ද්‍රාවණය ප්‍රමාණයෙන් අඩු වුණත් ඉක්මණින් ස්ප්‍රේ කරගැනීමේ හැකියාව පවතිනවා.

ඩියෝඩ්‍රන්ට් වෙනයි පර්ෆියුම් වෙනයි…

ඩියෝඩ්‍රන්ට් කියන්නෙ සුවඳ හමන්න භාවිත කරන නිෂ්පාදනයක් නෙවේ. දහඩිය දුගඳ නැති කිරීම වෙනුවෙන්ම නිෂ්පාදනය කරන දෙයක්. නමුත් පර්ෆියුම් එකේ සුවඳ ඩියෝඩ්‍රන්ට් එකට කලින් දැනෙනවා.

මාෂි නෙහන්සා
(Brisbella  Academy)

එරංදි කෞශල්‍යා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025

අවුරුදු පාට මැච් කරලා Mekeup දාන්න

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?