නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වීසා අයදුමටත් සිනහ සිසී බෙල්ල කැපිල්ලක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

වීසා අයදුමටත් සිනහ සිසී බෙල්ල කැපිල්ලක්

Published May 6, 2024

රටක් සැබවින්ම ගොඩයෑමට නම් එම රටට ආදරය කරන ජනතාවක් අවශ්‍ය වේ. නමුත් අපේ රටේ සිටින්නේ එවැනි ජනතාවක් දැයි ප්‍රශ්න කළ යුතු අවස්ථා තවමත් ඕනෑ තරම් තිබේ.

සංවර්ධනය වන බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට අද වනවිට සංචාරක කර්මාන්තය පත්ව තිබෙන සමයක එම කර්මාන්තය රැකගැනීම සහ ප්‍රවර්ධනය සඳහා ගත යුතු සෑම පියවරක්ම රටක් වශයෙන් ගත යුතු අවදියක අපේ රටේ නම් මෙරට සුන්දරත්වය සහ සංස්කෘතිය විඳින්නට පැමිණෙන සංචාරකයන්ට නිදහසේ ලබා ගැනීමට තිබුණු වීසා අයදුම්පතටත් අලුත් ජිල් මාට් එකක් ඇතුළු කර ඇතැයි වාර්තා වේ.

මෙරටට පැමිණෙන ඕනෑම සංචාරකයෙකුට ඉතාම පැහැදිලි ක්‍රමවේදයක් මඟින් වීසා ලබාගැනීමේ හැකියාවක් 2012 දි හඳුන්වා දුන්නේ online visa ක්‍රමවේදය යටතේය. එම www.eta.gov.lk යන නිල වෙබ් අඩවියෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය.

මෙම ක්‍රමවේදය මඟින් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සංචාරක වීසා අයදුම්කිරීමේ හැකියාව ඕනෑම රටක සිට මෙරටට එන සදචාරකයෙක්ට හිමි විය.

ආරක්ෂක හේතුන් මත නියාමන ලැයිස්තුවේ තිබුණ රටවලට වුවද පැය 48-72 අතර වීසා අයදුම් කිරීමේ අවස්ථාවක් ඉහත ක්‍රමවේදය යටතේ ලැබුණි. එම ක්‍රමවේදයේ කිසිදු සැඟවුණු ගාස්තුවක් නොතිබුණ අතර සාක් රටවල් සඳහා දින 30 ක වීසා ලබාගැනීමකට ඩොලර් 20ක් සහ අනෙකුත් රටවල් සඳහා ඩොලර් 50 ක ප්‍රමාණයක් අය කිරීම සිදු විය. වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට සහ ට්‍රාන්සිට් මගීන්ට නොමිලේ වීසා ලබාදීමක් කළ හැකි විය.

මෙලෙස ලැබුණු ආදායම් සියල්ල සෘජුවම භාණ්ඩාගාරයට ලැබුණු මුදල්ය. පසුගිය මාස කීහිපය තුළ ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 7 කට වීසා නොමිලේ ලබාදීමට රජය තීරණය කළ අතර ඒ අනුව විශාල සංචාරකයන් පිරිසක් එම රටවලින් මෙරටට පැමිණියේ කිසිඳු ගෙවීමකින් තොරවය.

නමුත් 2024 අප්‍රේල් මාසෙ 16 සිට ආගමන විගමන නිලධාරීන් පවා දැනුවත් නොකරමින් එක්වරම තෙවෙනි පාර්ශ්වයකට මේ ක්‍රියාවලිය බාරදෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ගෙන ඇත. දැන් ඇති VFS ක්‍රමවේදයේ සෑම වීසා අයදුම් කිරීමට අලුතෙන් එකතුවන සේවා බද්ධ සහ පහසුකම් ගාස්තුව යන්නේ වෙනත් රටක ලියාපදිංචි පුද්ගලික ආයතනයකටය.

2019 වසරෙන් පසුව වාර්ෂිකව සංචාරකයන් පැමිණීම මිලියනයේ සීමාව මුල්වරට පසු කරන ලද්දේ 2023 වසරේදීය. ඒ අනුව ගතවූ මාස කිහිපයේම සංචාරකයන්ගේ පැමිණීම වැඩි වශයෙන් සිදුවූ සමයක මෙවැනි මෝඩ තකතිරු තීරණ ගන්නේ කාගේ වුවමනාවට දැයි පළමුව ප්‍රශ්න කළ යුත්තේ විෂය භාර අමාත්‍යවරයාගෙන්ය.

මෙය බොහෝවිට ඔහුගේ සාක්කුවට බර වැඩක් විය යුතුමය. එපමණක් නොව රජයක් වශයෙන් ගොඩ යෑමට තිබෙන හොඳම මාර්ගය මේ තරම් මෝඩ විදිහට විනාශ කිරීම ගැන අප ප්‍රශ්න කළ යුත්තේ මොන කැක්කුමටත් වඩා රට ගැන කැක්කුම වඩා වැඩි නිසාය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?