රටක් සැබවින්ම ගොඩයෑමට නම් එම රටට ආදරය කරන ජනතාවක් අවශ්‍ය වේ. නමුත් අපේ රටේ සිටින්නේ එවැනි ජනතාවක් දැයි ප්‍රශ්න කළ යුතු අවස්ථා තවමත් ඕනෑ තරම් තිබේ.
සංවර්ධනය වන බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට අද වනවිට සංචාරක කර්මාන්තය පත්ව තිබෙන සමයක එම කර්මාන්තය රැකගැනීම සහ ප්‍රවර්ධනය සඳහා ගත යුතු සෑම පියවරක්ම රටක් වශයෙන් ගත යුතු අවදියක අපේ රටේ නම් මෙරට සුන්දරත්වය සහ සංස්කෘතිය විඳින්නට පැමිණෙන සංචාරකයන්ට නිදහසේ ලබා ගැනීමට තිබුණු වීසා අයදුම්පතටත් අලුත් ජිල් මාට් එකක් ඇතුළු කර ඇතැයි වාර්තා වේ.
මෙරටට පැමිණෙන ඕනෑම සංචාරකයෙකුට ඉතාම පැහැදිලි ක්‍රමවේදයක් මඟින් වීසා ලබාගැනීමේ හැකියාවක් 2012 දි හඳුන්වා දුන්නේ online visa ක්‍රමවේදය යටතේය. එම www.eta.gov.lk යන නිල වෙබ් අඩවියෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය.
මෙම ක්‍රමවේදය මඟින් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සංචාරක වීසා අයදුම්කිරීමේ හැකියාව ඕනෑම රටක සිට මෙරටට එන සදචාරකයෙක්ට හිමි විය.
ආරක්ෂක හේතුන් මත නියාමන ලැයිස්තුවේ තිබුණ රටවලට වුවද පැය 48-72 අතර වීසා අයදුම් කිරීමේ අවස්ථාවක් ඉහත ක්‍රමවේදය යටතේ ලැබුණි. එම ක්‍රමවේදයේ කිසිදු සැඟවුණු ගාස්තුවක් නොතිබුණ අතර සාක් රටවල් සඳහා දින 30 ක වීසා ලබාගැනීමකට ඩොලර් 20ක් සහ අනෙකුත් රටවල් සඳහා ඩොලර් 50 ක ප්‍රමාණයක් අය කිරීම සිදු විය. වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට සහ ට්‍රාන්සිට් මගීන්ට නොමිලේ වීසා ලබාදීමක් කළ හැකි විය.
මෙලෙස ලැබුණු ආදායම් සියල්ල සෘජුවම භාණ්ඩාගාරයට ලැබුණු මුදල්ය. පසුගිය මාස කීහිපය තුළ ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 7 කට වීසා නොමිලේ ලබාදීමට රජය තීරණය කළ අතර ඒ අනුව විශාල සංචාරකයන් පිරිසක් එම රටවලින් මෙරටට පැමිණියේ කිසිඳු ගෙවීමකින් තොරවය.
නමුත් 2024 අප්‍රේල් මාසෙ 16 සිට ආගමන විගමන නිලධාරීන් පවා දැනුවත් නොකරමින් එක්වරම තෙවෙනි පාර්ශ්වයකට මේ ක්‍රියාවලිය බාරදෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ගෙන ඇත. දැන් ඇති VFS ක්‍රමවේදයේ සෑම වීසා අයදුම් කිරීමට අලුතෙන් එකතුවන සේවා බද්ධ සහ පහසුකම් ගාස්තුව යන්නේ වෙනත් රටක ලියාපදිංචි පුද්ගලික ආයතනයකටය.
2019 වසරෙන් පසුව වාර්ෂිකව සංචාරකයන් පැමිණීම මිලියනයේ සීමාව මුල්වරට පසු කරන ලද්දේ 2023 වසරේදීය. ඒ අනුව ගතවූ මාස කිහිපයේම සංචාරකයන්ගේ පැමිණීම වැඩි වශයෙන් සිදුවූ සමයක මෙවැනි මෝඩ තකතිරු තීරණ ගන්නේ කාගේ වුවමනාවට දැයි පළමුව ප්‍රශ්න කළ යුත්තේ විෂය භාර අමාත්‍යවරයාගෙන්ය.
මෙය බොහෝවිට ඔහුගේ සාක්කුවට බර වැඩක් විය යුතුමය. එපමණක් නොව රජයක් වශයෙන් ගොඩ යෑමට තිබෙන හොඳම මාර්ගය මේ තරම් මෝඩ විදිහට විනාශ කිරීම ගැන අප ප්‍රශ්න කළ යුත්තේ මොන කැක්කුමටත් වඩා රට ගැන කැක්කුම වඩා වැඩි නිසාය.