නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කාකි ඇඳුමත් දැන් රිංගන ස්පා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

කාකි ඇඳුමත් දැන් රිංගන ස්පා

Published March 18, 2024

ස්වරූපයෙන් හෝ චරිතයෙන් වෙනස් වන මිනිසුන් සෑම අවස්ථාවකවම එක සමාන බව පෙන්වීමට, බොහෝ රාජ්‍ය ආයතනත් ඇතැම්විට පෞද්ගලික ආයතනත් නිල ඇඳුම් හෙවත් යුනිෆෝම් සේවකයන් සඳහා යොදාගනී. මෙහිදී නිල ඇඳුමින් සැරසෙන කෙනෙකු ඔවුන්ගේ සේවාස්ථානයේදීත් මහමගදිත් වෙනත් ඕනෑම තැනකදීත් රාජකාරි කිරීමත් හඳුනාගැනීමත් පහසු වේ.

නමුත් අපේ රටේ නිල ඇඳුම් අඳින බහුතරයක් එය අවභාවිත කරන බවට ඕනෑතරම් උදාහරණ තිබේ. විශේෂයෙන්ම නිල ඇඳුමින් සැරසෙන පොලිස් නිලධාරීන් මහමගදී මෙන්ම විවිධ ආයතනවලදීත් එම නිල ඇඳුම අවභාවිත කරන අතර එයට ළඟම උදාහරණය සපයන්නේ දොම්පෙ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු පොලිස් නිල ඇඳුමින් සැරසී අධිකරණයට යන අතරවාරයේදී සම්භාහන මධ්‍යස්ථානයකට රිංගීමයි.

එහි සිදු වූ දේ පිළිබඳව අප හට දැනගැනීමට දිව්‍ය ඥානයක් නොමැති වුවත් සාමාන්‍යයෙන් දන්නා පරිදි සම්භාහන මධ්‍යස්ථානයක සිදුවන සිදුවීම් බහුතරයක් සමාජ සම්මත ඒවා නොවේ. ඔහු මේ වනවිටත් යක්කල පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර ඔහුගේ නිල ඇඳුම පොලිස් බාරයටද ගෙන තිබේ.

මෙවන් සිදුවීමකදි අවධාරණය කළ යුතු කාරණා කිහිපයක් වේ. ඕනෑම පොලිස් නිලධාරියෙකුට රාජකාරි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබේ. විශේෂයෙන්ම වරෙන්තුවක් ලබාගෙන පොලිස් කාන්තා නිලධාරිනියන් සහිතව සැක සහිත සමාජ විරෝධී වැඩ කෙරෙන තානායම්වලට, හෝටල්වලට, සම්භාහන මධ්‍යස්ථානවල ගොස් ඒවා වැටලීම් කිරීමේ අයිතියද ඔවුන් සතුවේ.

නමුත් රාජකාරියට මුවාවී ඒවායේ වැඩකරන අසරණ කාන්තාවන් වචනයෙන් හෝ බලහත්කාරකම් කිරීමේ අයිතියක් කාකි ඇඳුම අඳින නිලධාරින්ට කළ නොහැකි වේ. එවැනි අවස්ථාවකදී කාකි ඇඳුමට විරුද්ධ වීමේ අයිතියද ඒවායේ සේවය කරන ඕනෑම කාන්තාවකට තිබේ. එම නිසා රාජකාරිය දේවකාරියක් ලෙස සිතා කරන පොලිස් නිලධාරීන් ගැනත් අවතක්සේරුවෙන් බැලීමට සමාජය පුරුදු වී තිබේ.

අද වනවිට කොළඹ නගරයෙත් බොහෝ ජනාකීර්ණ නගරවලත් අඟලෙන් අඟල බිහිවී ඇති ස්පා සහ ඒවායේ තිබෙන උප සංස්කෘතින් පිළිබඳව නියාමනයක් අවශ්‍යම වේ. ස්පාවල අද බොහෝවිට මුදලට විකිණෙන්නේ ගමෙන් කොළඹට ආ අසරණ තරුණියන්ගේ ජිවිතයි.

කොළඹ ඇති ස්පාවලට බලපත්‍ර ලබාදුන් ක්‍රමවේදය පිළිබඳව මීට වඩා ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය වන කල්හි නීතිය ක්‍රියාත්මක කරන රටේ ආයතන සියල්ල දැන් හෝ එකතු වී ඒවායේ සේවා සහ ප්‍රමිතිය පිළිබඳ සොයාබැලීමක් කිරීම අවශ්‍ය වේ. එසේ නොකරන කල්හි ස්පා වසංගතයෙන් මේ රටේ පිරිමින් බේරාගැනීම ලෙහෙසි පහසු නොවේ.

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?