ස්වරූපයෙන් හෝ චරිතයෙන් වෙනස් වන මිනිසුන් සෑම අවස්ථාවකවම එක සමාන බව පෙන්වීමට, බොහෝ රාජ්‍ය ආයතනත් ඇතැම්විට පෞද්ගලික ආයතනත් නිල ඇඳුම් හෙවත් යුනිෆෝම් සේවකයන් සඳහා යොදාගනී. මෙහිදී නිල ඇඳුමින් සැරසෙන කෙනෙකු ඔවුන්ගේ සේවාස්ථානයේදීත් මහමගදිත් වෙනත් ඕනෑම තැනකදීත් රාජකාරි කිරීමත් හඳුනාගැනීමත් පහසු වේ.
නමුත් අපේ රටේ නිල ඇඳුම් අඳින බහුතරයක් එය අවභාවිත කරන බවට ඕනෑතරම් උදාහරණ තිබේ. විශේෂයෙන්ම නිල ඇඳුමින් සැරසෙන පොලිස් නිලධාරීන් මහමගදී මෙන්ම විවිධ ආයතනවලදීත් එම නිල ඇඳුම අවභාවිත කරන අතර එයට ළඟම උදාහරණය සපයන්නේ දොම්පෙ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු පොලිස් නිල ඇඳුමින් සැරසී අධිකරණයට යන අතරවාරයේදී සම්භාහන මධ්‍යස්ථානයකට රිංගීමයි.
එහි සිදු වූ දේ පිළිබඳව අප හට දැනගැනීමට දිව්‍ය ඥානයක් නොමැති වුවත් සාමාන්‍යයෙන් දන්නා පරිදි සම්භාහන මධ්‍යස්ථානයක සිදුවන සිදුවීම් බහුතරයක් සමාජ සම්මත ඒවා නොවේ. ඔහු මේ වනවිටත් යක්කල පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර ඔහුගේ නිල ඇඳුම පොලිස් බාරයටද ගෙන තිබේ.
මෙවන් සිදුවීමකදි අවධාරණය කළ යුතු කාරණා කිහිපයක් වේ. ඕනෑම පොලිස් නිලධාරියෙකුට රාජකාරි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබේ. විශේෂයෙන්ම වරෙන්තුවක් ලබාගෙන පොලිස් කාන්තා නිලධාරිනියන් සහිතව සැක සහිත සමාජ විරෝධී වැඩ කෙරෙන තානායම්වලට, හෝටල්වලට, සම්භාහන මධ්‍යස්ථානවල ගොස් ඒවා වැටලීම් කිරීමේ අයිතියද ඔවුන් සතුවේ.
නමුත් රාජකාරියට මුවාවී ඒවායේ වැඩකරන අසරණ කාන්තාවන් වචනයෙන් හෝ බලහත්කාරකම් කිරීමේ අයිතියක් කාකි ඇඳුම අඳින නිලධාරින්ට කළ නොහැකි වේ. එවැනි අවස්ථාවකදී කාකි ඇඳුමට විරුද්ධ වීමේ අයිතියද ඒවායේ සේවය කරන ඕනෑම කාන්තාවකට තිබේ. එම නිසා රාජකාරිය දේවකාරියක් ලෙස සිතා කරන පොලිස් නිලධාරීන් ගැනත් අවතක්සේරුවෙන් බැලීමට සමාජය පුරුදු වී තිබේ.
අද වනවිට කොළඹ නගරයෙත් බොහෝ ජනාකීර්ණ නගරවලත් අඟලෙන් අඟල බිහිවී ඇති ස්පා සහ ඒවායේ තිබෙන උප සංස්කෘතින් පිළිබඳව නියාමනයක් අවශ්‍යම වේ. ස්පාවල අද බොහෝවිට මුදලට විකිණෙන්නේ ගමෙන් කොළඹට ආ අසරණ තරුණියන්ගේ ජිවිතයි.
කොළඹ ඇති ස්පාවලට බලපත්‍ර ලබාදුන් ක්‍රමවේදය පිළිබඳව මීට වඩා ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය වන කල්හි නීතිය ක්‍රියාත්මක කරන රටේ ආයතන සියල්ල දැන් හෝ එකතු වී ඒවායේ සේවා සහ ප්‍රමිතිය පිළිබඳ සොයාබැලීමක් කිරීම අවශ්‍ය වේ. එසේ නොකරන කල්හි ස්පා වසංගතයෙන් මේ රටේ පිරිමින් බේරාගැනීම ලෙහෙසි පහසු නොවේ.