නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එක දවසක් වෙනුවට දවස් 365ම සතුටින් ඉන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

එක දවසක් වෙනුවට දවස් 365ම සතුටින් ඉන්න

Published January 1, 2024

බාහිරින් අප වෙත ළඟා වෙන සතුට ගැනම බලාපොරොත්තු තැබීම 2024 වසරේදීවත් අත්හළ යුතුයි. මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ නොවරදින සතුටක් ළඟාකර ගැනීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු සරල පියවර කිහිපයක් ගැනයි.

උත්සාහ කර බලන්න

අපට අවශ්‍ය ආදරය, විනෝදය, සැප පහසුව, සවන්දීම සහ ත්‍රාසය මිතුරු ආශ්‍රය තුළින් ලබාගත හැකියි. සෑම දිනකදීම ඔබගේ එක් මිතුරෙකු වෙත මනසින් ළඟා වීමට උත්සාහ කරන්න. එසේ අසමත් වුවහොත් තමා එම මිතුරා ගැන සිතන බවට පණිවිඩයක් දෙන්න. තවද, අනෙකාගේ විපතේදී සතුටක් ඇතිවීම සහමුලින්ම වළකා මිතුරන්ගේ සුබසිද්ධිය සොයමින් ඒ ගැන සතුටු වීම අරඹන්න. හාවඩ් විශ්වවිද්‍යාල අධ්‍යයනයන්ට අනුව කිසිදා නැවත මුණ ගැසේවිදැයි අවිනිශ්චිත අමුත්තන් හා සංවාදයේ යෙදී සිතින් ඔවුන් හා සම්බන්ධවීම තුළින් ඔබගේ සතුට වර්ධනය වනු ඇත. යමෙකුට සිතින් සුළු කරුණාවක් හෝ දැක්වීම ඔබ ජීවිතයේ මහ පෙරළි සිදුකරයි.

මිථ්‍යාවෙන් බැහැර වෙන්න

අප යමෙකුට ඇත්තටම ආදරය කරන්නේ නම් එහි සීමා නැති බව මිථ්‍යාවකි. එහෙත් සත්‍ය නම් සාධාරණ කොන්දේසි මත අන්‍යන්‍ය ගරුත්වය රකිමින් සාකච්ඡා කිරීම වඩාත් සතුටුදායක මිතු සබඳතාවකට හේතුවේ. අපට දැනෙන හැඟීම මගින් මනස පාලනය කෙරෙන බව පැවසීම මිථ්‍යාවකි. එහි සත්‍ය නම් හැඟීම් යනු අප මනසින් අපට දන්වන ලබන සංඥාවක් පමණක් බවයි. මේ සත්‍ය තේරුම් ගැනීම සතුට පවත්වා ගැනීමට උපකාරයකි.

සමාව දීම

සමාව දීම තුළින් ඔබ සතුට ක්ෂය නොවී පවතී. මෙය ඉබේ ඇතිවන්නක් නොව ඔබ විසින් පුහුණුකර ගත යුත්තකි. මේ නිසා ඉබේ පහළවන තෙක් බලා නොසිට ඕනෑම අයකුට සමාව දීම තුළින් ලැබෙන සතුට අත්විඳිය හැක.

තවත් ඉඟි

සෑම දෙයකම හොඳ පැත්ත දෙස බැලීමට පුරුදු වන්න. එමගින් වඩ වඩා අවස්ථාවන් ඔබ වෙත උදාකෙරෙනු ඇත.ඔබට ලැබී ඇති වාසි ගැන සතුටු වෙන්න. ඒවාට සම්බන්ධ පුද්ගලයින් කෙරෙහි කෘතඥ වෙන්න. සම්මුතිවලට යටත් නොවී ඔබට ගැළපෙන ප්‍රකාශවල නිර්භීතව එළඹෙන්න.

උදාහරණයක් වශයෙන් “මම කවදාවත් ණය වෙන්නෙ නැහැ” ප්‍රකාශනය ඔබ ණය බරින් බේරා සතුටින් තබනු ඇත. සතුටින් සිටින්නේ කෙසේද යන්න ගැන සොයා බැලීමට ප්‍රථම ඔබ සතුටින් සිටිය යුත්තේ ඇයිද යන්න වටහාගන්න. ඔබේ අභිප්‍රේරණයන් වටහා ගැනීම යමක් සිදුකිරීම පහසු කරවයි.

මනස පිරිසිදු කරගන්න

ඔබ මේ මොහොතේ අත්විඳින ස්පර්ෂය, ගන්ධය, ශ්‍රවණය, දර්ශනය, රසය ආදිය කෙරෙහි සෘජු අවධානයෙන් සිටින්න. නිශ්චලතාව සහ සාමය ඔබ වෙළාගන්නා අතර එමගින් සිත සතුටින් පිරෙනු ඇත. ඔබ ලබන ශාරිරික හා මානසික ඒකාග්‍රතාවය අව්‍යාජ සතුටකි.

https://www.rd.com/ ඇසුරෙන්)

සුනිල් අල්ගම ✍️
 

TAGGED: 2024, friendship, Harvard University, දවස් 365
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?