නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැන්වත් පිරිමි වගේ හැසිරෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දැන්වත් පිරිමි වගේ හැසිරෙන්න

Published November 27, 2023

පිරිමි දිවිනසාගැනීමේ වැඩිවීමක් !

අපි කතාවට කියන්නෙ ගැහැනුන්ට වඩා පිරිමි ශක්තිමත් කියලනෙ.නමුත් ඇතැම් වෙලාවට ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව සහ පවුල් පසුබිම එහෙමත් නැත්නම් මානසික තත්ත්වය එක්ක ඔය කියන ශක්තිමත් බව නැතිවෙලා සියදිවි නසාගන්න තැනට පත්වෙන්න පුළුවන්. ශක්තිමත් පිටකොන්දක්, සමබර චින්තනයක් වගේම කතාකරන හෘද සාක්ෂියක් ඔවුන්ට අවශ්‍යයි. ඒ වගේම දරාගැනීමේ ශක්තිය ගැහැනු පිරිමි දෙගොල්ලන්ම දියුණු කරගන්න ඕන දෙයක්.

මුලින්ම මහත්මයෙක් වෙන්න

පිරිමියෙක්ටනෙ මහත්මයෙක් වෙන්න පුළුවන්. මහත්මයෙක් කියන්නෙ අනිත් අයගේ හිත් නොරිදවන පුද්ගලයෙක්ට. මේ ලෝකෙ හැම පිරිමියෙක්ටම මහත්මයෙක් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඒ මහත්මයට තමන්ගෙ හිත නොරිදවාගන්නත් හොඳ අභිමානයක් තියෙන්න ඕනෙ.

ඒ වගේම හොඳ පෞරුෂයක් පිරිමියෙක් සහජයෙන්ම මිට මොලවගෙන එනවා. හොඳ හදවතක්, උසස් මනසක් සහ ශක්තිමත් පිටකොන්දක්. මේ සේරම දේවල්වල එකතුවක් තමයි මහත්මයෙක් කියන්නෙ.

කන්න තියෙන සේරම පුතාගෙ බත් පිඟානට දැම්මට විතරක් මදි

පිරිමියෙක්ට තියෙන ශාරීරික ශක්තියත් එක්ක මානසික ශක්තියත් උරුම වෙන්න ඕනෙ. කුඩා කාලෙ ඉඳලම පිරිමි දරුවෙක්ව හදනකොට එයාගෙ මානසික ශක්තිය, පෞරුෂය, අභිමානය වර්ධනය වෙන විදිහට තමයි නිර්මාණය කරන්න ඕනෙ. ඒක දෙමාපියන්ගේ වගකීමක්. පුතා පුතා කියල ගෙදර තියෙන ඔක්කොම කෑම ටික පිඟානට බෙදලා දීලා හොඳට කවන පොවන එක විතරක් නෙවේ,

ඒ දරුවගේ හිතත් ශක්තිමත් විදිහට හදන්න ඕනෙ. දරාගන්න, දේවල්වලට මුහුණ දෙන්න පුළුවන් විදිහටයි පිරිමි දරුවෙක්ව ගොඩනගන්න ඕනෙ. බය හිතුනම අත්හරින්න නෙවේ ඒ දේවල්වලට මුහුණ දෙන්න, ගැටලු නිරාකරණය කරගන්න, ජය පරාජය දරාගන්න පුරුදු වෙන්න ඕන.

පිරිමියා නිර්මාණය වෙන්නෙ දුරදක්නා නුවණත් එක්ක

ඒ වගේම නිතරම ධනාත්මක සිතුවිලි තියෙන්න ඕනෙ. මොකද පිරිමියෙක් නිර්මාණය වෙන්නෙ දුර දක්නා නුවණත් එක්ක. එහෙම කෙනෙක්ට ජීවිතේ වැරදෙන්න තියෙන අවස්ථා අඩුයි. යම්කිසි වැරැද්දක් වුණොත් ඊළඟ ඔප්ෂන් එකක් හොයාගන්න තරමට හොඳ මානසික ශක්තියක් ඔහු ළඟ තිබිය යුතුයි.

ගොඩක් පිරිමි තමන්ගෙ ජීවිතේට වටිනාකමක් දෙන්නෙ නෑ. අනුන්ගෙ ජීවිතවලටයි වටිනාකමක් දෙන්න උත්සාහ කරන්නෙ. අනුන් ගැන හිතන ගමන් තමන්ගේ ජීවිතයටත් වටිනාකමක් දෙන එක වටිනවා.

හිත ශක්තිමත් තරුණයාට මානසිකව වැටෙන්න යන්නෙ පුංචි වෙලාවයි

සමහරවිට පාසලේ නායකකම් දරපු, හොඳ පෞරුෂයක් තිබුණ, වගකීම් දරපු, ඕන දෙයක් දරාගන්න පුළුවන් දරුවෙක් ලොකු වෙද්දි එකපාරම කඩාවැටෙන්න පුළුවන්. ජීවිතේ එපා වෙලා සියදිවි හානිකරගන්න පුළුවන්.

සමහර වෙලාවට එහෙම කවුරුහරි සියදිවි හානිකරගත්තම අපි අහන්නෙ “අනේ මෙහෙම හිටපු කෙනා නේද මේ ජීවිතේ නැතිකරගෙන තියෙන්නේ?” කියල. මම ඒකයි කිව්වෙ කොච්චර හිතින් ගතින් ශක්තිමත් කෙනෙක් වුණත් අන්තිම මොහොතේ මානසිකව දරුණු විදිහට කඩාවැටෙන්න පුළුවන්.

එතනින් පස්සෙ තමන්ට තමන් ගැනම වැරදිකාරී හැඟීමක් ඇතිවෙන්නත් පුළුවන්. මොන දේවල් ජීවිතේ දිනාගත්තත් ආදරය සහ විවාහය කියන තැනදි ගොඩක් පිරිමි හරිම සංවේදීයි. තමන්ගෙන් කිසිම වැඩක් නෑ, කිසිම අගයක් නැති කෙනෙක් කියල හිතුනොත් අර පුංචි කාලෙ ඉඳන් ගොඩනගාගත්තු අභිමානය එක පාරින්ම සුනුවිසුණු වෙලා යනවා.

ප්‍රශ්නයක් ආවොත් උත්තරයක් තියෙන බව මතක තියාගන්න

පුංචි කාලෙ ඉඳන් කොච්චර ශක්තිමත් දරුවෙක් වුණත් ලොකු වෙන්න ලොකු වෙන්න බාහිර සමාජයෙන් එල්ල වෙන පීඩනය වැඩියි. පවුලෙ ප්‍රශ්න, විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න, කාර්යාලයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්.

නැත්නම් තමන් විවාහ වෙලා සම්බන්ධ වුණ පවුලෙ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ ගැටලුවලට මූණ දෙන්න හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕනෙ. වැඩිය පාවිච්චි නොකළට පිරිමින්ට සමබර මනසක් සහ ගැටලු විසඳීමේ අපූරු හැකියාවක් තියෙනවා. ජීවිතේට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන බවත් මතක තියාගන්න.

අපි ගොඩක් වෙලාවට කරන්නෙ තියෙන ප්‍රශ්න තනියම විසඳගන්න යන එක. ඒක අපි වරද්දගන්න ලොකුම තැනක්. එහෙම නැතුව උත්තරයක් හොයාගන්න බැරි වුණොත් තමන්ගෙ ළඟම කෙනෙක් එක්ක කතාකරන්න.

එහෙමත් බැරිනම් මනෝ උපදේශනයකට සහභාගී වෙලා තමන් නොදකින පැත්තකින් ගැටලුවට පිළියමක් හොයාගන්න. කොයි මොහොතේවත් තනියම ප්‍රශ්න විසඳන්න යන්න එපා. තමන්ට ජීවිතයෙන් සමුගන්න ඕනෙ කියල හිතලා පැනලා යන සිතිවිල්ලෙන් බැහැරව ලැබුණු ජීවිතය සතුටින් ගෙවලා සතුටින්ම නික්ම යන්න.

මනෝ චිකිත්සක,
මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ

එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: gentleman, man, personality, Psychiatry, young man
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?