2023 වසර වෙනුවෙන් වූ නොබෙල් සාම ත්‍යාගය මෙවර මානව හිමිකම් ක්‍රියාකාරිණියක වූ “නාර්ගෙස් මොහමදී ” වෙත ප්රදානය කර තිබෙනවා. 51 හැවිරිදි ඇය ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව සිදුකරන ලද අරගලයේදී කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. BBC පුවත් සේවය මගින් ප්‍රකාශිත 2022 වසරේ ලොව පුරා සිටින බලපෑමක් ඇති කළ හැකි කාන්තාවන් 100 (BBC’S 100 Women)දෙනාගේ ලැයිස්තුවටත් ඇගේ නම ඇතුළත් විය.
නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නාර්ගෙස්ගේ තෝරාගැනීමට හේතු පාඨ සපයන නෝර්විජියානු නොබෙල් කමිටු සභාපතිනි බෙරිට් රීස් ඇන්ඩර්ස් සඳහන් කරන්නේ ඇය තම අරගලය වෙනුවෙන් පෞද්ගලික කැපකිරීම් රාශියක් සිදුකළ කාන්තාවක් බවය.
වසර 31 ක සිර දඬුවම් ලද ඇය කස පහර 154 කට ලක් විය. 13 වතාවක් අත් අඩංගුවට පත් වුවාය. වසරකට වැඩි කාලයක් ඉරානයේ විරෝධතා ව්‍යාපාර දියත් කළ නාර්ගෙස් ඉරාන කාන්තාවන් ලිංගිකව හා ශාරීරිකව අපයෝජනයට පත් වන ආකාරය ගැන තොරතුරු මාධ්‍ය වෙත හෙළි කළාය.
පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය මහ්සා අමිනිගේ මරණයෙන් පසුව මහජන විරෝධතා පැතිරී ගිය අතර කාන්තාවන් වෙනුවෙන් වූ අඩන්තේට්ටම් තව තවත් සුලබ විය. මේ නොසන්සුන්තා සමග 2022 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් රජය පෙරළා දැමීමේ ඉල්ලීම් සමග විරෝධතා තව තවත් ප්‍රබල ලෙසින් රට පුරා පැතිරී යන ප්රවනතාවය වර්ධනය විය.
ඉරාන කාන්තාවන් විරෝධය පළකිරීම සඳහා තම හිස් ආවරණ ගලවා ගිනි තැබූහ. නිදහස ඉල්ලා කාන්තාවන් නගන හඬ මුල් කරගත් ඡායාරූප ලොව පුරා මුදාහරින ලදී. බලධාරීන් මෙම විරෝධතා ම්ලේච්ඡ ලෙස මර්ධනය කළත් කාන්තා ක්‍රියාකාරිනියක ලෙසින් ඇය තමන්ගේ න්‍යාය පත්‍රය ආපස්සට හකුළුවා ගත්තේ නැත ඇගේ මෙම දායකත්වය නිසාම 2023 වසර වෙනුවෙන් වූ සාම ත්‍යාගය ලබා ගැනීමට හිමිකම් පෑ ඇය මානව හිමිකම් ආරක්ෂක මධ්‍යස්ථානයේ (Defenders of Human Rights Center ) නියෝජ්‍ය ප්‍රධානී ලෙසින්ද කටයුතු කරනු ලබන්නීය.
බීබීසී පුවත් ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා