නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: නොබිව්වත් හැදෙන සිරෝසිස්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

නොබිව්වත් හැදෙන සිරෝසිස්

Published September 25, 2023

“බීලා බීලා අක්මාව දියකරගෙන මැරෙන්න හදන්න එපා” මේ සුපුරුදු වැඩිහිටි අවවාදයයි. අධික මත්පැන් පානය කරන හැමෝටම සිරෝසීස් වැළඳුනත් මත්පැන් නොබොන සුළු පිරිසකටත් සිරෝසිස් වැළඳෙන අවස්ථා ඇත. නිරෝගී අක්මාවක මේදය තිබිය නොහැකිය.

මද්‍යසාර නොවන මේද අක්මා රෝගය Non-alcoholic Fatty liver disease (NAFLD)

මුල් අවධියේදි රෝගයෙන් අක්මාවට හානි සිදුනොවූවත් ඉන් අක්මාව තුළ මේදය ඉහළ යෑම දියවැඩියාව, හෘදයාබාධ සහ ආඝාත අවදානම වැඩිකරයි. එනිසා මුල් අවදියේදීම (NAFLD)පාලනය කිරීමෙන් අවදානමෙන් මිදිය හැකිය. මෙම පළමු අදියර අප නොදැනුවත්වම අප තුළ පැවතිය හැකියි.

ප්‍රධාන අවධීන් හතරකි

සුළු වශයෙන් මේදය තැන්පත්වීම Simple fatty liver (steatosis)

මධ්‍යසාර නිසා නොවන අක්මාව ඉදිමීම සහ දැවිල්ල – non-alcoholic steatohepatitis (NASH)

ෆිබ්රෝසිස්

පළමු අදියරේදී රෝග ලක්ෂණ මතුනොවෙයි. හඳුනාගත හැකිවන්නේ පරීක්ෂණ තුළින් පමණි. දෙවන අදියරේදී වඩා බරපතල ආකාරයෙන් අක්මාව සහ අවට රුධිරවාහිනී වටා ඉදිමීම සහ දැවිල්ල ඇතිකරයි. තුන්වන අදියරේදී පවා අක්මාව සාමාන්‍ය ලෙස ක්‍රියාකළත් නිදන්ගත අක්මා ප්‍රදාහය ඇතිවේ. අක්මාව හැකිළී කැළැල් සහ කැටිති ඇතිවේ. මේ හානිය සදාකාලිකය. එය අක්මාව අකර්මණ්‍යවීම දක්වා ගමන්කරයි. මෙම තත්ත්වය සිරෝසිස් දක්වා වර්ධනය වීමට වසර ගණනාවක් ගතවන අතර ජීවන රටාව වෙනස් කිරීමෙන් රෝගය දරුණුවීමෙන් වැළකිය හැකිය.

මේ අයට NAFLD අවදානම ඇතිවිය හැකියි

තරබාරුබව, දෙවන වර්ගයේ දියවැඩියාව, අධි රුධිරපිඩනය, අධී කොලෙස්ටරෝල්, වයස අවුරුදු 50 ඉක්මවීම, දුම්බීම NAFLD අවදානම වැඩි කරයි. මතක තබාගත යුතු වැදගත් කරුණ නම් කුඩා ළමුන් ඇතුළු මෙම අවදානම් තත්ත්වයෙන් බැහැර අය තුළද මෙම රෝගය වැළඳීමේ අවස්ථා ඇති බවය.

NAFLD හි රෝග ලක්ෂණ

මුල් අදියරවලදී රෝග ලක්ෂණ රහිත වූවත් වෙනත් රෝගයක් සඳහා කරන ලද වෛද්‍ය පරීක්ෂණ නිසා අහම්බයෙන් හඳුනාගැනේ. මේ නිසා ඔබ නොදැනුවත්වම රෝගය ඉදිරියට ගෙනයයි. එහෙත් ෆයිබ්‍රෝසිස් වැනි දියුණු අවධීන්හිදී උදරයේ ඉළඇට වලට පහළින් දකුණු පැත්තේ වේදනා ඇතිකරයි. එසේම අධීක තෙහෙට්ටුව, බර අඩුවීම, දුර්වලකම ඇති වේ. සිරෝසිස් ප්‍රධාන අවධියේදී සම සහ ඇස් සුදුපැහැ ගන්නවන සෙංගමාල ලක්ෂණ, කැසීම, කකුල්, වළලුකර, පාද හෝ බඩ ඉදිමීම ඇතිවේ.

රෝගය හඳුනාගන්නේ කෙසේද?

අක්මාවේ ක්‍රියාකාරීත්වය සොයන රුධිර පරීක්ෂණයක්, උදරයේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සහ සමහර අයට අක්මා පටක කුඩා සාම්පලයකින් කෙරෙන බයොප්සි පරීක්ෂණ ආදිය මගින් රෝගය හඳුනාගැනේ.

ප්‍රතිකාර

NAFLD  නරක අතට හැරීම වළක්වාගැනීම සඳහා සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් තෝරාගත යුතුය. අධි රුධිරපීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරොල් තත්ත්ව සඳහා ප්‍රතිකාර ගතයුතුය.

( https://www.nhsinform.scot/ ඇසුරෙන්)

සුනිල් අල්ගම



 

TAGGED: steatosis, සිරෝසිස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඉන්දියාවෙන් ගේන දෙළුම් තමයි කන්නම හොද නැත්තෙ

December 4, 2023

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

December 4, 2023

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?