නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: කිරි සිනහ දකින්නට පෙරුම් පුරන මව ගිනිකොණ කාමරවල නොනිද ඉන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

කිරි සිනහ දකින්නට පෙරුම් පුරන මව ගිනිකොණ කාමරවල නොනිද ඉන්න

Published September 25, 2023

වාස්තු ශාස්ත්‍රානුකූලව නිවසක් සැලසුම් කිරීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ යන පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයට අනුව අප විසින් නිවසේ ගෘහ අංග පිහිටු විය යුතුය.මෙහිදී වාස්තු විද්‍යාත්මකව නිවසක් සෑදීමෙන් පුද්ගලයින්ගේ සාර්ථකත්වය ළඟා කරගත හැකි බව සත්‍ය නමුත් එම නිවසේ ජීවත්වන නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද ඉහළ මට්ටමක පවත්වා ගැනීමට මෙම පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් බලපානු ඇත.එම නිසා වාස්තු සිද්ධාන්ත මත මෙම ශක්තීන් උපයෝගි කරගනිමින් නිවස තුළ ජීවත්වීම සුදුසුය.

එම ශක්තීන් සහ එම දිශාවන් පිළිබඳව සැලකීමේදී බොහෝ දෙනෙකු ප්‍රධාන දිශා 04 වන උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර දිශාවන් ගැන අවධානය යොමු කළ ද අනු දිශා වන ඊසාන, නිරිත, ගිනිකොණ සහ වයඹ යන දිශාවන් පිළිබඳව අවධානය යොමු නොකරන බව පෙනුනද එය එසේ නොකළ යුතුය. මන්ද යත් ශරීරය තුළ ඇතිවන රෝගී තත්ත්වයන්ටත් දරුවන් නොමැති වීමටත්, දරුවන් පිළිසිඳ ගැනීමටත් මෙම අනු දිශාවන්ගේ ශක්තීන් හා බලපෑම් ඉතා ඉහළ අගයක පවතින බැවිනි.

මෙහිදී ඊසාන දිශාව ආපෝ ධාතුව හෙවත් ජල ශක්තිය නියෝජනය කරයි. මෙම දිශාව සිසිලස ඇති දිශාවය. තාපය වැඩි වන ගෘහ අංග මෙම දිශාවේ සැලසුම් නොකරයි.නිරිත දිශාව පඨවි ධාතුව හෙවත් තද (ස්ථිර) ගතිය ඇති කරවන අතර වයඹ යන දිශාව හමායන හෙවත් චලනය වන වායු ධාතුව නියෝජනය කරයි.

තේජෝ ශක්තිය ලෙස හඳුන්වනු ලබන්නේ ගින්දර හෙවත් තාප ශක්තියයි. ගිනිකොණ දිශාව මෙම උණුසුම් ශක්තිය වැඩි වශයෙන් පවතින දිශාව වේ.මෙම හේතුව නිසා මෙම ගිනිකොණ දිශාවට නිවසක ගෘහ අංග පිහිටුවීමේ දී තාප ශක්තිය නිර්මාණය වන ගෘහ අංග පිහිටුවීම ඉතා සුදුසුය. එනම් මුළුතැන්ගෙය, කෑම කාමරය, ක්‍රීඩා කාමරය, ගරාජය වැනි ගෘහ අංගයන්ය. නමුත් ගිනිකොණ දිශාවට නිවසේ අමුත්තන් සඳහා කාමරයක් තිබීම සුදුසුය.

මෙම විශිෂ්ට දැනුම් ශ්‍රී ලාංකිකයින් අතීතයේ සිටම ආරාම සංකීර්ණ දාන ශාලා වැනි ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී යොදා ගෙන ඇති අතර ගිනිකොණ දිශාවට මුළුතැන්ගෙය නිර්මාණය කර ඇත.විදේශ ආක්‍රමණවලින් පසුව මෙම දිශාවන් වලට අදාළ ගෘහ අංග පිහිටුවීම පිළිබඳව සලකා බලා නොමැති අතර මෙම ආක්‍රමණවලින් පසුව පසු කාලීනව නැවතත් මෙම දිශාවන් වල ඇති ශක්තීන් පදනම් කරගනිමින් නිවාස නිර්මාණය කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත් පෙර සඳහන් කළ පරිදි මෙම දිශාවන්ගේ ඇති ශක්තීන් වල බලපෑම එම නිවැසියන්ගේ ශරීර සෞඛ්‍යය සහ මවුකුස තුළ දරුවන් පිළිසිඳ ගැනීම පිළිබඳව සෘජුවම බලපෑමක් ඇති කරයි.මෙහිදී ප්‍රධාන වශයෙන්ම අනු දිශාවන් වන ගිනිකොණ දිශාව පිළිබඳව සැලකීමේදී මෙම තත්ත්වයන් පිළිබඳව සෘජුවම බලපෑමක් ඇති කරන දිශාව වේ.

මෙහිදී නිවසක ගිනිකොණ දිශාව අනිවාර්යයෙන්ම තිබිය යුතු දිශාවකි. නිවසක මූල්‍ය ශක්තිය කෙරෙහි ද ගිනිකොණ දිශාව බලපාන අතර නිවසක ගිනිකොණ දිශාව අනවශ්‍ය පරිදි දික් වීම මඟින් එම නිවැසියන්ට සන්ධි රෝග ඇති වීමට හේතු වන කරුණකි.

වාත, පිත, කප වැඩිවීම, අඩුවීම හෝ විෂම වීම මඟින් එනම් තුන් දොස් කීපීම මඟින් පුද්ගලයින් රෝගී තත්ත්වයට පත් වේ.මෙම තුන්දොස් පාලනය කර ගැනීමට නිවසක ද උණුසුම හා සිසිලස සමතුලිතව තිබීම අනිවාර්ය කරුණකි. මෙහිදී ගිනිකොණ දිශාව යනු උණුසුම වැඩි දිශාවකි. එනම් පුද්ගලයෙකුගේ ශරීරයේ පිත හා සබැඳි දිශාව වේ.

නිවසක ප්‍රධාන නිදන කාමරය ගිනිකොණ දිශාවේ සැලසුම්කර තිබීම ඉතා නුසුදුසු පිහිටීමකි. තවද කුඩා දරුවෙකු ලැබීමට අපේක්ෂාවෙන් සිටින කාන්තාවන් මෙම ගිනිකොණ දිශාවේ ඇති නිදන කාමර තුළ දීර්ඝ කාලීනව සිටීම ඉතාම නුසුදුසු කරුණකි. මන්දයත් එම කාන්තාවන් අවම වශයෙන් මෙම කාමර තුළ පැය හයක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙම ගිනිකොණ කාමරය තුළ රැඳීමක් සිදු වේ.

මෙම හේතුව නිසා ශරීරයේ ගිනි කාරක ශක්තිය වැඩි කරවීම, ශරීරයේ උණුසුම වැඩිවීම, ශරීරයේ රක්ත ගතිය වැඩි වීම සිදුවේ. එනම් පිත හෙවත් ශරීරයේ උණුසුම වැඩිවේ. මව්කුසක් තුළ දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ශරීර උෂ්ණත්වය ඒ සඳහා සුදුසු අගයක තිබිය යුතුයි.

මෙය දරුවන් නොමැතිවීම සම්බන්ධව වෛද්‍ය විද්‍යාත්මකව බලපාන කරුණක් වශයෙන් ද හැඳින්විය හැකියි. තවද නිදන කාමරයක අභ්‍යන්තර සැලසුම් කිරීමේදී ගිනිකොණ පිහිටි නිදන කාමරයක ඇඳ එම නිදන කාමරයේ ගිනිකොණ දිශාවේ මුල්ලටම වන්නට තිබීම මෙම උෂ්ණාධික තත්ත්වය තවත් වැඩි කිරීමක් බවද සඳහන් කළ යුතුය. කිසිවිටෙකත් දරුවන් ලැබීමට සිටින මව්වරුන් ගිනිකොණ දිශාවේ කාමරවල වැඩි වේලාවක් නොසිටිය යුතුයි.

තවත් විටෙක දරුවන් ලැබීමට සිටින මව්වරුන් සිටින ස්ථානවල නිවාස ඉදි නොකරයි. එනම් අතීතයේ තම නිවසේ සිටින කාන්තාවකට දරුවකු ලැබීමට සිටින විට නිවස ඉදිකිරීම නවතා දැමූ බව පැහැදිලිය. මෙහි ඇති සත්‍යතාව මෙසේය. මවට ඉදිකිරීම් වලින් හානි ඇතිවීමට පුළුවන්, ශබ්දය, අනතුරු වැනි කරුණු මත ඇයට හානි සිදුවේ. නමුත් නිවස ඉදි කරනු ලබන්නේ වෙනත් ඉඩමක නම් එම ඉදිකිරීම් වලින් ඇයට අනතුරක් සිදු නොවන බැවින් එම අවස්ථාවන්හි දී නිවසක් ඉදිකිරීම ගැටලුවක් නොවේ. තවද තරුණ අය සඳහා ඊසාන දිශාවේ ඇති කාමරයද නුසුදුසු බව සඳහන් කළ යුතු අතරම නිරිත දිශාවට වන්නට ඇති කාමර ඉතාම සුදුසු බවද සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකාවට ඊසාන දිග මෝසමත් නිරිතදිග මෝසමත් බලපාන බැවින් නිරිත දිශාවේ ඇති කාමර වල උණුසුම හා සිසිලස සමතුලිතව පවතී. මේ නිසා මෙම දිශාවේ ඇති කාමරවල සිටින අයගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. දරුවන් පිළිසිද ගැනීමට ද මෙම සෞම්‍ය උණුසුම් තත්ත්වය හේතුවක් වේ. ගිනිකොණ දිශාව පිළිබඳව සලකා බලන විට ”අග්නි ද්වාර” ලෙස හඳුන්වනු ලබන ගිනිකොණ දිශාවට වන්නට ඇති දොරටු පිහිටීම ඉතාම අශුභ පිහිටීමකි. නිවැසියන්ට නිතර රෝග ඇති වීමත් කේන්ති සහගත තත්ත්වයන් ඇති කරවන පිහිටීමක් බව ද මෙහි දී සඳහන් කළ යුතුය.

මේ ආකාරයෙන් බලන විට පෙර සඳහන් කළ පරිදිම ස්වභාදහමේ හැසිරීමත් වාස්තු ශාස්ත්‍ර දැනුම හා සිද්ධාන්ත තුලනාත්මකව තමා ජීවත්වන නිවසට යොදා ගැනීම මගින් තමා බලාපොරොත්තු වන යහපත උදාකර ගෙන නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකිය

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන

ධම්මික හේවාවසම්

TAGGED: වාස්තුවිද්‍
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඉන්දියාවෙන් ගේන දෙළුම් තමයි කන්නම හොද නැත්තෙ

December 4, 2023

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

December 4, 2023

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?