නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: අහසට යන මුල්ම අම්මයි දුවයි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

අහසට යන මුල්ම අම්මයි දුවයි

Published September 18, 2023

Virgin Galactic අභ්‍යවකාශ සමාගම ඔවුන්ගේ දෙවන අභ්‍යවකාශ ගමන මේ වනවිටත් අවසන්. ඔවුන්ගේ මෙම අභ්‍යවකාශ සංචාරය සඳහා මවක සහ දියණියක සහභාගී වීමට නියමිතව වුණා. ඒ අතර මුල්ම වතාවට අභ්‍යවකාශ සංචාරයක නිරත වුණ මවක සහ දියණියක ලෙසින් ඔවුන් වාර්තාවක් තැබීමටත් නියමිතයි. කැරිබියන් දූපත්වල සිට සංචාරයේ යෙදෙන පළමු පුද්ගලයන් බවටත් මේ දෙදෙනා පත් වෙනවා.

මෙම සමාගම විසින් ඔවුන්ගේ මුල්ම අභ්‍යවකාශ චාරිකාව Galactic 1 යනුවෙන් නම් කර තිබුණා. එය පසුගිය ජූනි මාසයේදී අවසාන වුණා. අඩි උනතාංශයක සිදුවුණ මෙම ගමන් මාර්ගයම දෙවන අභ්‍යවකාශ චාරිකාව සඳහාද යොදා ගැනීමට Virgin Galactic සමාගම අපේක්ෂා කළා. ගනුදෙනු කරුවන් විසින් මුදල් ගෙවා අභ්‍යවකාශ ගමනක යෙදෙන පළමු අවස්ථාව ලෙසින්ද සැලකෙන මෙම සංචාරය සඳහා ඇමරිකානු ඩොලර් 450,000 මුදලක් අවශ්‍ය වී තිබුණා.

මේ අම්මයි දුවයි කවුද?

ඇනස්ටේෂියා මේයරින් 18 හැවිරිදි ශිෂ්‍යාවක්. දර්ශනය, භෞතික විද්‍යාව හදාරන ඇය ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යාවක්.

ඇනස්ටේෂියාගේ මව කයිෂා ෂාහෆ්. මෙම සංචාරය සඳහා පුද්ගලයන් තෝරා ගැනීම වෙනුවෙන් ලොතරැයි පතක් මිලට ගෙන එයින් මාසයක් පමණ කාලය ගත වී අවසානයේ ඇය තෝරා ගත් බවට වූ පුවත ලැබෙන විට කයිෂා තම දියණියගේ වීසා සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් ලන්ඩනය බලා ගමන් ගනිමින් සිටියාය. වර්ජින් අත්ලාන්තික් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටියදී ඇයට මේ පණිවිඩය ලැබුණා.

මට අදහා ගන්න බැරි වුණා. අවසන් තරඟකරුවන් 20 දෙනා අතරට මා තේරී ඇති බවට වූ සටහනක් තිබුණා.මේ ගැන අදහස් දක්වමින් ඇනෙස්ටේෂියා සඳහන් කරන්නේ මම කැරිබියානු දූපත්වලට සීමා වුණා නම් අද මට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. දූපත් මානසිකත්වයෙන් මිදී මම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ස්කොට්ලන්තයට පැමිණීම නිසා මේ අවස්ථාව ලැබුණා.

ඒ වගේම අභ්‍යවකාශතරණයක යෙදෙන ලාබාලතම පුද්ගලයා ලෙසින්ද ඇනස්ටේෂියා වාර්තාවක් තැබීමට නියමිතයි. ඒ අතර මෙම අභ්‍යවකාශ සංචාරය සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු ඔලිම්පික් ක්‍රිඩක ජෝන් ගුඩ්වින් සම්බන්ධ වන අතර දැනට ඔහු පාකින්සන් රෝගියෙක්. අභයවකාශතරණය කරන පළමු පාකින්සන් රෝගියා ලෙසින් ජෝන් වාර්තාවක් තැබීමත් විශේෂයක්.

(බී. බී. සී පුවත් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: Galactic 1, Virgin Galactic, ඇනස්ටේෂියා මේයරින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Dyson Zoneවලින් පිරිසිදු වාතය ලබා ගැනීම වැඩි ඈතක නොවේ

September 18, 2023

වස් කාලයේ දෙන දානයේ පින වැඩිද

September 18, 2023

ඔබව හිගන්නෙක් කරන්න වාස්තුවලට පුළුවන්

September 18, 2023

ත්‍රිල් එකේ ගෙදර Clean කරන්න මේ ක්‍රම අනුගමනය කරන්න

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?