නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔබව හිගන්නෙක් කරන්න වාස්තුවලට පුළුවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔබව හිගන්නෙක් කරන්න වාස්තුවලට පුළුවන්

Published September 18, 2023

හැමදේම දැනගෙන ගෙවල් හදන්න

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් දන්නා දෙයට වඩා නොදන්නා දේ පිළිබඳ කතා කරන පිරිසකි. වාස්තු පිළිබඳවද මිනිසුන්ට ඇත්තේ විවිධ මතයන්ය. වාස්තු පිළිගන්නා සහ නොපිළිගන්නා දෙපිරිසක් ඇති අතර ඔවුන්ගෙන් වාස්තු පිළිගන්නා අය ආර්ථික වශයෙන් ඉදිරියට ගමන් කරන පසුබිමක වාස්තු දෝෂ නොපිළිගන්නා අයට ආර්ථික වශයෙන් බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

දියේ ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙනවා සේ ආර්ථික දුෂ්කරතා ඇති ඔබට මෙම ලිපියෙන් බොහෝ පල ප්‍රයෝජනවත් ලබාගත හැකිවනු ඇත.

නිවසක ධන නිලය නිරිත දිශාවයි. පවුලක දියුණුවට මෙන්ම පුද්ගලයකුගේ දියුණුවට තමන් පදිංචි ස්ථානයේ නිරිත දිශාවේ පිහිටීම ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. විශ්ව ශක්තියේ ගබඩාව නිරත වේ. ඊසාන දිශාවෙන් එන විශ්ව ශක්තිය නිරිත දිශාවේ ගබඩා වේ. ඊසාන දිශාවෙන් එන ධන ආකර්ෂණ ශක්තිය නිරිත දිශාවේ ගබඩා වීමට නම් ප්‍රථමයෙන් නිරිත දිශාව පිරිසිදු විය යුතු වේ.

නිරිත දිශාව අපවිත්‍ර නම් ධනය රඳා පවතින්නේ නැත. නිරිතේ වැසිකිළියක් හෝ වැසිකිළි වළක්, අපජලය බහාලන වළක් ඇත්නම් එය ඉක්මනින් එම දිශාවෙන් ඉවත් කොට ඒ සඳහා සුදුසු දිශාව තෝරාගෙන එහි ඉදිකර ගත යුතු වේ. එසේ නොමැති වුවහොත් දිනෙන් දින ජීවිතයේ පරිහානිය හා ආර්ථිකයේ දැනෙන පසුබෑමකට මුහුණ දීමට සිදුවනු ඇත.

ඔබ දිළින්දෙකු වී මහපාරට වැටිමට ද මෙවැනි වාස්තු දෝෂ ස්ථිර වශයෙන්ම බලපාන බව කිවයුතුය.නිවසක ඇතුළත හා පිටත පිරිසිදුවට පිළිවෙලට තබා ගැනීමට ඔබට අමතර වියදමක් වැය වන්නේ නැත.

සමහර ඉඩම්වල නිරිත දිශාවේ කැළි කසළ දමන වළවල් හා කැළි කසළ පුච්චන ස්ථාන නිර්මාණය වී ඇත. එය ඉතා අශුභ පිහිටිමකි. එය ද ජීවිතයේ පරිහානියට හේතු වේ. නිරිත දිශාවේ මල් සිටුවා අලංකාර ලෙස තබා ගැනීමෙන් ඔබගේ ආර්ථිකයේ ඇති වන නැග්ම ඔබටම වටහා ගැනීමට නොහැකි ලෙස ඔබ පුදුමයට පත්වනු ඇත.

නිරිත දිශාවේ කාමරයක් තුළ ඔබගේ මුදල් ලාච්චුව, සේප්පුව තැම්පත් කරන්න. ඔබ උපයන මුදල් නිරිත දිශාවේ තැම්පත් කිරීමෙන් මුදල් වියදම අඩු වී ඉතිරිය වැඩි වනු ඇත. නිරිත දිශාවේ මුදල් තැබීමෙන් දිනෙන් දින ඔබේ ජීවිතය ආර්ථික වශයෙන් යහපත් මට්ටමකට පත්වීම වැළැක්විය නොහැකි වනුඇත.

මුළුතැන්ගෙය නිරිත දිශාවේ පිහිටා ඇති විට කොපමණ ඉපැයුවත් උපයන මුදල් වාෂ්ප වනවා සේ වියදම වැඩි වේ. බොහෝ විට ලෙඩ දුක්වලට මුදල් වියදම් ඇති වන අතර ධන හානි ඇති කරවයි.

නිරිත දිශාවේ ගින්දර මෙලවීම හෙවත් තේජෝ ශක්තිය තැම්පත් වීම මුදල් පුළුස්සා දැමීමකට සමාන වේ. විදුලි මීටරයද නිරිත දිශාවේ ඇති විට ආර්ථික වශයෙන් පසුබෑමට හේතු වේ.නිවසේ එක එල්ලේ පිහිටා ඇති ජනේල දෙකකින් සරල රේඛාවක් ලෙස පිටත පෙනීම ආලෝක රේඛා දෝෂය වේ. එයද මුදල් රැඳීම අඩු කරවන පිහිටීමකි.

ඊසාන දුර්වල වූ විට ද නිරිතට ධන ආකර්ෂණ ශක්තිය ලබා ගැනීමට නොහැකි වේ. ඊසාන මෙන්ම නිරිත දිශාවද පිරිසිදුව තබා ගැනීම හරහා ඔබ නොසිතන දියුණුවක් අත්කරගත හැකිවනු ඇත. නිරිත පිරිසිදුව තබාගෙන, ඊසාන දිශාවේ නාන කාමර, වැසිකිළි ආදිය ඇත්නම් එයින්ද විශ්ව ශක්තිය නිරිතට ගමන් කිරීමක් ඇති නොවේ. ඊසාන, නිරිත යනු විශ්වයේ ප්‍රබලම ශක්තීන් ගමන් කරනා රේඛාව වේ.

ආර්ථික වශයෙන් දියුණුව බලාපොරොත්තු වන අයෙකු මෙම දිශා දෙක පිරිසිදුව හා වාස්තු විද්‍යානුකූලව තබාගත යුතු වේ. මෙම දිශා දෙක අතර ඇත්තේ නොබිඳෙන අපූරු සබඳතාවකි. මෙම දිශා දෙක දුර්වල වූ විට ඇති වන අයහපත් බලපෑම් පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

එසේම ප්‍රධාන උළුවස්ස ජය පාදයට තබා දිශා 3 කට හෝ දිශා 4 කට පිටවීමේ උළුවහු තැබීමෙන්ද දියුණුවට හේතු වේ. තවද ඊසාන දිශාවට සුදුසු ධන ආකර්ෂණ ගස් සිටුවීමද වැදගත්ය. ඒ අතර මඟුල් කරඳ ගසට ඇත්තේ සුවිශේෂී ශක්තියකි. දියුණුවට මඟුල් කරඳ ඊසාන, නිරිත සිටුවීම ඉතා යහපත් වේ.

තවද ආර්ථික වශයෙන් දියුණු වීමට නම් තමන් වතුර බොන ළිඳ නිවැරදි වාස්තු උපදෙස් ලබාගෙන ඉදිකර ගත යුතු වේ. ළිඳ පිහිටා ඇත්තේ යම් අශුභ දිශාවක නම් එය පරිහානියට හා බලාපොරොත්තු නොවූ කරදරවලට මුහුණ පෑමට සිදුවන පිහිටීමකි. ජලය යනු දියුණුවක ප්‍රධාන සාධකයකි. උතුර හෝ ඊසාන දිශාවට ළිඳ නිවැරදිව ස්ථානගත කිරීම දියුණුවට හේතු වේ.

උතුර ඊසාන දිශාවල ජල ශබ්දය ඇසෙන අයුරින් සැදූ පොකුණු, දියඇලි ආදිය දියුණුවට බලපාන ප්‍රධාන සාධකයෙකි. එසේම උතුර හෝ ඊසාන දිශාවේ අපිරිසිදු වතුර වළවල් තිබීමද ආර්ථික අපහසුතා මෙන්ම ණය බර වැඩි වීමට හේතු වේ.මෙහි විස්තර කෙරෙන කරුණු මනාව අවබෝධ කර ගනිමින් නිවැරදි වාස්තු අනුව ඔබේ සිහින මාලිගය ඉදි කරගැනීම තුළ ජීවිතය ජය මාවත කරා ගෙනයාමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

වාස්තු විද්‍යා විශාරද
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය
අජිත් මද්දුමආරච්චි
සුබසෙත ජ්‍යොතිෂ මධ්‍යස්ථානය
දොම්පෙ

ධම්මික හේවාවසම්

TAGGED: The power of positive attraction, වාස්තු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?