නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: එයාලට පාඩම් වැඩවලදී අම්මෙක් නොවී යාළුවෙක් වෙන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

එයාලට පාඩම් වැඩවලදී අම්මෙක් නොවී යාළුවෙක් වෙන්න

Published September 18, 2023

දරුවො කියන්නේ අම්මගෙයි තාත්තගෙයි නිෂ්පාදනයක්. නමුත් සමහර දරුවො දිහා බැලුවම දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් අපි මේ දරුවා හදන පිළිවෙළේ මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා. දරුවන්ට අධ්‍යාපනය දෙන්න දෙමාපියන් විශාල මුදලක් වැය කරනවා. මහන්සි වෙනවා. හැබැයි වියදම් කරපු පලියට මහන්සි වුණ පලියට ගොඩක් දෙමව්පියන් දන්නෙ නෑ අධ්‍යාපනයෙන් අනාගතයට දරුවන් නිසි විදිහට පුහුණු කරවන්නේ කොහොමද කියලා.

අම්මල තාත්තල හිතනවා ළමයා දවස පුරාම පාඩම් කළොත් ඒ දරුවා හොඳට ඉගෙන ගන්නවා කියලා. දරුවෙක්ව පාඩම් කරවන එක හොඳයි. ඒ හොඳ රිසල්ට් එකක් එක්ක එයාට විභාග සමත් වෙලා කැම්පස් ගිහින් අනාගතයේදී හොඳ රැකියාවක් කරගන්න පුළුවන් නිසානෙ. හැබැයි තමන් අධ්‍යාපනය මෙහෙයවන විදිහෙන් දරුවාට වෙන්නේ මොනවගේ බලපෑමක්ද කියලා බහුතරයක් දෙමව්පියෝ හිතන්නේ නෑ. අතලොස්සක් දෙමව්පියෝ තමයි සමාජයේ විවිධාකාර රැළිවලට හසුනොවී තමන්ටම ආවේණික විදිහට දරුවටත් අපහසුවක් නොවන ආකාරයට අධ්‍යාපන කටයුතු මෙහෙයවන්නෙ.

දරුවෙක් කුඩා කාලයේ පටන් වැඩිහිටියෙක් දක්වා වන කාලය තුළ සමාජයේ ජීවත් විය යුතු ආකාරය සකසාගන්න තමයි අධ්‍යාපනය යොදාගන්නෙ. පුංචි කාලේ ඉඳන් පුළුවන් තරම් මහන්සි වෙලා උගන්නපු දරුවා ලොකු වෙලා ටීචර් කෙනෙක් වුණාට වැඩක් නෑ එයාගෙ පන්තියෙ ළමයින්ට හැමතිස්සෙම කෝටුවෙන් තලනවනම්. හරියට විෂය නිර්දේශ උගන්නන්න දන්නෙ නැත්නම්. ළමයින්ට දැනුම විතරක් ඔළුවට ඔබන්න වෙහෙස වෙන කාර්යයේදී ආකල්ප කියන කොටස දෙමව්පියන්ට මගහැරෙනවා.

මේ ලෝකේ හැම කෙනෙක්ටම යම්කිසි දැනුමක් අත්‍යවශ්‍යයි සමාජයේ ජීවත් වෙන්න. ඒ දැනුමත් එක්ක තමයි ඒ ළමයා සමාජයේ සිද්ධවන දේවල් ගැන කුතුහලයෙන් බලන්නෙ. තර්ක කරන්නේ සහ නව අදහස් බිහි වෙන්නෙ. හැබැයි අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට වෙන්නේ ළමයාගේ නිදහස් චින්තනය අවහිර කරන එක. මම කියන්නේ පාඩම පාඩමක්ම විතරක් නොකර දරුවා ගැන ඒ සම්බන්ධව නිදහසේ කතා කරන්න. ප්‍රැක්ටිකලි දේවල් කරන්න. එතකොට එයාට ඒක පාඩමක්ම විතරක් වෙන්නේ නෑ. ‘ඇයි?‘ කියල අහන ප්‍රශ්න තුළින් තමයි දරුවන් පාඩම් ඉගෙන ගන්නෙ. ඒක කරදරයක් කියල දෙමවුපියෝ හිතන්න හොඳ නෑ.

අපිට තියෙන්නෙ දේවල් හොයලා ඒවට හේතු දැනගන්න හොඳට මහන්සි කරවන්න පුළුවන් මොළයක්. හැබැයි අපි ඒකෙන් භාවිත කරන්නේ මතකය සම්බන්ධ කොටස විතරයි. අපි ළමයින්ව පුරුදු කරවන්නෙත් ඔය ක්‍රමේට. ඒකෙන් වෙන්නේ පුද්ගලයා ගොඩනැඟුණත් ආකල්ප ඔළුවට යන්නෙ නැති එක. ලංකාවේ සමහර පාසල් බාහිර ක්‍රියාකාරකම් එක්ක පුංචි දරුවන්ට පාඩම් ඉගැන්නුවට ලංකාවේ හැම පාසලකම එම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා කියලා අපිට හිතන්න බෑ. ඉතින් ඒකයි ඒ දේ ගෙදර අම්මා තාත්තවත් කරන එක වැදගත් වෙන්නෙ.

ගොඩක් අම්මලා දරුවන්ට පාඩම් වැඩවලට කාල සටහනක් සකස් කරගෙන තියෙනවනෙ. පැයක් දෙකක් තියෙනවා පාසලේදී දුන්නු ගෙදර වැඩ ටික කරන්න. නමුත් දරුවාට ඒක ඉවර කරන්න යන්නේ පැය භාගයක් විනාඩි 20 ක් වගේ කාලයක් වෙන්න පුළුවන්. හෝම්වර්ක් කරන්න පැය දෙකක් තියෙද්දි ළමයා පැය බාගෙන් ඒක ඉවර කරපු පලියට අම්මා ඒ ළමයට සෙල්ලම් කරන්න යන්න දෙයිද? නෑ. අම්මා කියන්නෙ හෝම්වර්ක් ඉවරනම් වෙන පොතක් බලාගන්න කියලා. හැබැයි දරුවාට පුළුවන් නම් නියමිත කාල සීමාවට කලින් ඒ වැඩ ටික සේරම ඉවර කරලා තමන් කැමති දෙයකුත් ඒ කාලසීමාව ඇතුළෙම කරන්න. ඒක එයාගේ දක්ෂකමක්.

අනිත් කාරණේ පාසල් වයසේ පසුවන දරුවෙක් ව්‍යායාමයක්, සෙල්ලමක් කරන එක අනිවාර්යයි. මොකද මොළේ විතරක් නෙවෙයි දරුවෙක් ශරීරයත් වෙහෙසවන්න ඕනෙ. ළමයා කොච්චර පාඩම් කරනවද කියලා තීරණය වෙන්නේ පාඩම් කරන වෙලාවෙන් නෙවේ. මුළු දවසම පොත අතේ තියන් හිටියත් වැඩක් නෑ ඒ ළමයට පාඩම් කරන දේ අවධාරණය කරගන්න සුදුසු වාතාවරණයක් ගෙදර නැත්නම්. දරුවෝ කරන හැමදේටම ‘එපා‘ කියන අම්මෙක් තාත්තෙක් වෙන්නත් එපා.

සෙල්ලම් කරන්න ඇහුවත් එපා කියනවා. කාටුන් එකක් බැලුවත් එපා කියනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කළත් එපා කියලා. ඇයි ඒ? සෙල්ලම් කළොත්, කාටුන් බැලුවොත් පාඩම් වැඩ මගහැරෙනවා. ඉන්ටර්නෙට් ගියොත් අනවශ්‍ය දේවල්වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒත් ඇයි බැරි දෙමාපියන්ට ”පුතේ දවසම කාටුන් බැලුවොත් පාඩම් වැඩ මග හැරෙයි”,” ඉන්ටර්නෙට් එකේ ළමයින්ට සුදුසු නැති දේවල් තියෙනවා” කියලා ගයිඩ් කරන්න. මොකද ඕනම දේක හොඳ සහ නරක දෙකම තියෙනවා.

දරුවන්ව හැමතිස්සෙම අවිශ්වාස කරන්න එපා. ඒ වගේම තවත් ළමයින් එක්ක තමන්ගෙ ළමයව සංසන්දනය කරන්න යන්නත් එපා. ගොඩක් අම්මලා පිට අයත් එක්ක කියනවනෙ ”අපේ පුතා නම් කිසි වැඩක් නෑ නට නට ඉන්නවා” කියලා. තවත් වෙලාවකට කියනවා එයාගෙම

වයසෙ ළමයෙක් ඉන්න තව අම්මෙක් එක්ක ”මම නම් හිතන්නෑ මෙයා විභාගෙ ගොඩ දාගනියි කියලා”කියල. එතකොට අම්මා දරුවාගේ ඔළුවට නිකංම නෙගෙටිව් දෙයක් දාලා ඉවරයි. ඊටපස්සෙ දරුවෝ හිතන්න ගන්නවා මම දන්නෙ සෙල්ලම් කරන්න විතරයි. මම පාඩම් කරන්නෑ. අම්මත් දන්නවා මට විභාගය ගොඩ දාගන්න බෑ කියල. ඉතින් විභාග ලියන්නත් කලින් ළමයා හිතින් ෆේල් වෙලා ඉවරයි. ඒ වෙනුවට කියල බලන්න දරුවට ඇහෙන්නම ‘එයා ඔය සෙල්ලම් කර කර හිටියට මං දන්නවා විභාගේ පාස් වෙනවා කියලා.’ එතකොට ඒ දරුවාට තමන් ගැනම ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා.

ඕකට මම හොඳ උදාහරණයක් කියන්නම්. මම පොඩි කාලේ පොතක් අතින් අල්ලපු ළමයෙක් නෙවෙයි. අපේ අම්මා බයේ හිටියේ මට හරියට විභාගය කරගන්න බැරිවෙයි කියල. නමුත් තාත්තට විශ්වාසයක් තිබුණා මං හොඳට ඉගෙනගෙන කොහොම හරි කැම්පස් යයි කියලා. මට ඇහිලා තියෙනවා තාත්තා අම්මට කියනවා ”ඔය නට නට හිටියට එයා හොඳට ඉගෙනගෙන කැම්පස් යයි” කියලා. තාත්තගේ හිතේ මං ගැන තිබුණ විශ්වාසය මගේ හිතෙත් නිරන්තරයෙන්ම තිබ්බා.

දෙමව්පියෝ නොහිතුවට තමන් ගැන විශ්වාසයක් තියන් ඉන්න අම්මා තාත්තා ගැන එයාලට තියෙන්නේ ලොකු ආදරයක්. නමුත් නිරන්තරයෙන් දරුවා අවතක්සේරුවට ලක් කරද්දී ඔවුන්ගේ හිතේ අම්මා තාත්තා ගැන දැනෙන්නේ කලකිරුණු හැඟීමක් වෙන්න පුළුවන්. දරුවො උස් මහත් කරද්දි දෙමව්පියෝ ගොඩක් මිත්‍යා මතවල හිරවෙලා ඉන්නෙ. හැමතිස්සෙම මතක තියාගන්න ඕනෙ දරුවො හැදෙන්නේ අම්මා තාත්තා දිහා බලාගෙන කියන එක. දෙමාපියන් නරක දේවල් කර කර ළමයින්ට හොඳ දේවල් ගැන ඉගැන්නුවට වැඩක් නෑ.

අනිත් විශේෂම කාරණය දරුවන්ට පුංචි කාලේ ඉඳන් තනියම වැඩ කරගන්න පුරුදු කරවන්න. තනියම තීරණ ගන්න ඉඩදෙන්න. සමහර තැන්වලදී ඔවුන්ට වැරදෙයි. හැබැයි ඊළඟ පාර ඒ වැරදුණ තැන හදාගෙන ඔවුන් ඒ දේ ලස්සනට කරගනියි. සාම්ප්‍රදායික විදිහට ළමයින්ව සකස් කරන්න එපා. මේ ලෝකෙ දැන් හරි දියුණුයි. නව තාක්ෂණයත් එක්ක සම්ප්‍රදායෙන් පිටට පැනල දරුවන්ට උගන්නන්න, ඔවුන්ගේ මනස හදන්න උත්සාහ කරල බලන්න.

මනෝ විද්‍යාඥ, මනෝ චිකිත්සක
සමිතා ඇතුල්දොරආරච්ච්

එරංදි කෞශල්‍යා









 

TAGGED: kids, Psychologist, samitha athuldoraarachchi
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බොන්සායි ගහ බබෙක් වගේ බලාගන්න

September 25, 2023

පිළිකා නසන ඉඟුරු තේ

September 25, 2023

ලෝකයා ඉදිරියේ ක්‍රිකට් පරාජය වැසූ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්

September 25, 2023

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?