නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ගෙදර ඇතුළට පැළ එකතුකරද්දි මේ දේවල් ඔළුවෙ තියාගන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ගෙදර ඇතුළට පැළ එකතුකරද්දි මේ දේවල් ඔළුවෙ තියාගන්න

Published September 11, 2023

ගෘහාශ්‍රිත වගාව නැතිනම් ගේ ඇතුළේ වගා කිරීම කියන්නෙ දැන් ගොඩක් ජනප්‍රිය දෙයක්. වගා කරන්න ඉඩක් නැති ෆ්ලැට්ස්වල ඉන්න අය ගෙදර ඇතුළේ පෝච්චිවල පැළ වගා කරනවා. එතකොට වගා කරන්න වත්තක් තියෙන අය වුණත් ගෙවල් ඇතුළේ පෝච්චිවල පැළ හිටවලා තියෙන තැන් ඕන තරම් දැකලා ඇති.

මතක තියාගන්න මේ කියන්නේ ඕනෑම පැළ වර්ගයක් ගැන. විසිතුරු මල් පැළ වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ කතා කරන්නේ අන්න එහෙම ඕනෑම පැළයක් ගෙවල් ඇතුළේ පෝච්චියක හදනකොට ඔළුවේ තියාගන්න ඕන වැදගත් කරුණු කාරණා කීපයක් ගැන…

මුලින් පැළ තෝරගෙන ඉමු

තමන් ගේ ඇතුලේ පැළ කරන්න යන්නෙ මොනවද කියන එක ගැන හිතල මතල තීරණය කරන්න. සාමාන්‍යයෙන් ඕනම පැළයක් ගෙයක් ඇතුළේ පැළ කරන්න යන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒ නිසා තමන්ට ගේ ඇතුළේ වවන්න අවශ්‍ය කරන්නේ විසිතුරු මල් පැළද, ඖෂධ පැළද, කැක්ටස් පැළද කියන එක ඔබ තීරණය කරන්න ඕන.

එහෙම තීරණය කරනකොට තමන්ට ඒ පැළයට බලාගන්න පුළුවන්ද කියන එකත් හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, වැඩියෙන් වද නොවී හදන්න පුළුවන් කැක්ටස් වර්ගයේ පැළ සහ තවත් එහෙම පැළ වර්ග ඔබට ලේසියෙන් හදනන් පුළුවන්. තමන්ගෙ ගෙදර ප්‍රමාණය අනුව වවන්න ඕන මොන පැළද වර්ගද, කොයි තරම් ප්‍රමාණයකින්ද කියන එක තීරණය කරන්න වෙනවා.

වතුර අඩුවෙන්

ගොඩක් දෙනෙක් ගෙවල් ඇතුළේ හදන පැළ ඉක්මනට මැරිලා යනවා. ඒකට හේතුව තමයි අපි වතුර වැඩියෙන් පැළවලට දාන එක. ගෙයක් ඇතුළේ පෝච්චියක තියෙන පැළයකට දාන වතුර ගොඩක් කල් පසේ රැඳිලා තියෙනවා. ඒ නිස පැළේට වතුර දවස් දෙකෙන් දෙකට දාන්න ගියහම වෙනනෙ පැළයේ මුල්වලට වාතය උරාගන්න තියෙන පස් අතර හිඩැස් ටිකත් වතුරෙන් පිරිලා ටික දවසක් යනකොට වතුර වැඩිවෙලා පැළේ මැරිල යන එක.

ගේ ඇතුළේ පෝච්චියක හිටවලා තියෙන පැළයකට වතුර දාන්න ඕනද එපාද කියල බලන්නේ මෙහෙමයි. පැළය තියෙන පස මතුපිට වියළි වුණාට වැඩක් නෑ. සාමාන්‍ය තරමේ පොඩි පෝච්චියක දාපු පැළයක් නම් මතුපිට ඉඳලා අඟල් දෙකක් තුනක් පහළට ගිහින් පස වියළිද කියලා බලන්න.

එහෙම වියළි නම් වතුර දාන්න’ වතුර දානකොට පස්වලට හොඳට වතුර උරාගෙන පෝච්චියේ යටින් වතුර ඉවත් වෙලා බකට් එකකට හරි සින්ක් එකට හරි ගලාගෙන යන්න දෙන්න. එහෙම නැතුව වතුර යන්න තැනක් නැතුව පෝච්චියේ ඉතුරු වුණොත් පැළේ ඉවරයි.

ආලෝකය

පැළයක් ගෙයක් ඇතුළෙ හැදුවත්, ගෙයින් පිට හැදුවත් පැළයකට ප්‍රභාසංස්ලේෂණය සිද්ධ වෙන්න හිරු එළිය අවශ්‍යයි. සමහර පැළ වර්ග තියෙනවා අවම ආලෝක තත්ත්ව යටතේ වුණත් කිසිම ගැටළුවක් නැතුව පවතින. හැබැයි ගේ ඇතුළේ හැදුවා වුණත් ගොඩක් පැළ වර්ගවලට හිරු එළිය අවශ්‍යයි.

හැබැයි ඒ කියන්නේ පැළවල පත්‍ර කර වෙලා යන සෘජු දැඩි හිරු එළියත් නෙවෙයි. හැබැයි හොඳට හිරු එළිය වැටෙන ජනේලයක් අයිනේ වගේ දවසේ යම් කාලයක් පැළය තියල තියන්න ඔබට පුළුවන්.

තදබදේ බෑ…

ගෙවල් ඇතුළේ වගා කරන සමහරු කරන වැරැද්දක් තමයි පැළ ගොඩක් එක තියන එක. ඇත්තටම පැළයකට වුණත් හුස්ම ගන්න ඉඩ අවශ්‍යයි. ආන්න ඒ නිසා හරි විදිය තමයි ගේ ඇතුළේ තියෙන පැළ සමාන දුරකින් ඈත් කරලා වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙන විදියට තියන එක. එතකොට පැළවල වැඩීම වුණත් ඉතා හොඳින් සිද්ධ වෙනවා කියලා ඔබටම බලාගන්න පුළුවන්.

රෝග ගැන අවධානයෙන් ඉන්න

ගෘහාශ්‍රිතව තිබ්බත්, ගෙයින් පිට තිබ්බත් ගස්වලට ඉන්නවා ස්වභාවික හතුරෝ. ඒ තමයි ස්වභාවික පළිබෝධ, පැළවලට හානි කරන කෘමීන් වගේ දේ. දැන් ඕන නම් අපිට පැළයක් හිටවන්න පෝච්චියට ගෙයින් එළියේ කොහේ හරි තියන තැනකින් පස් පුරෝගෙන එන්නත් පුළුවන්.

හැබැයි එකක් ඒකෙන් හොඳටම සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ. අනික එළියේ පසේ ඉන්න පළිබෝධ, හානිකර කෘමීන්, දිලීර ආසාදන වගේ දේවල් ඒ එක්කම එනවා. අන්න ඒ නිසා පැළ හිටවන්න පස තෝරගන්නකොට විකුණන්න තියෙන පිළිගත් ප්‍රමිතියට තියෙන පස් ගන්න ඕන.

හැබැයි ඊට වඩා වියදම් අඩු, ලාභ ක්‍රමය තමයි අවශ්‍ය පස් මිශ්‍රණය දැනුම තියෙන කෙනෙක්ගෙන් දැනගෙන අපිම හදාගන්න එක. පළිබෝධ හරි කෘමී හරි දිලීර හරි ගැටළුවක් ආපු ගමන් මුලින්ම අදාළ ගැටළුව තියෙන පැළය අනික් ඒවායින් වෙන් කරගන්න ඕන. ඊට පස්සේ ඒකට කෘෂි රසායන හොයන්න ඉක්මන් නොවී ස්වභාවික ක්‍රමවලින්ම පිළියම් හොයාගන්නත් පුළුවන්.

පස් මාරු කිරීම

සාමාන්‍යයෙන් නම් ගෙයක් ඇතුළේ පැළයක් පෝච්චියක හිටවලා තිබ්බට පස්සෙ ගොඩක් අය හිතන්නෙ නැති දෙයක් තමයි මේක. කැක්ටස් වගේ පැළ වර්ග හැරෙන්න අනෙක් පැළවල පස් කාලෙකට සැරයක් මාරු කරන්න ඕන.

පෝච්චියෙන් පැළේ අයින් කරල, මුල් විහිදිලා තියෙන එක පොඩ්ඩක් ටි්‍රම් කරල, මුල් ටික අතර පොඩ්ඩක් ඉඩ එන විදියට පිරිසිදු කරල ඊට පස්සෙ ඒ සයිස් එකේම පිරිසිදු පෝච්චියකට අළුත් පස් දාල, ඒ පස්වල ආයෙමත් පැළය හිටවන්න ඕන. අන්න එතකොට පැළයට වඩාත් හොඳින් වැඩෙන්න පුළුවන් පරිසරයක් හැදෙනවා.

( LIFE.LK ඇසුරෙන් )

අර්චිත ඉඳුවර

 

TAGGED: Cactus plants, පැළ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023

ඔයාගෙ Ex ආයෙ ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ

September 25, 2023

ලස්සනට ගහන ටැටූ මාරාන්තික වෙන ලකුණු

September 25, 2023

සතර වරිගය නිවන් දැකීමට දරුවන් මහණ කරනවද

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?